Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පොහොට්ටුව පර වෙයි..ඩලස් මුල් කරගෙන නව සන්ධානයක්

ඩලස් අලහප්පෙරුම සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කණ්ඩායමක් ඊයේ සවස රාජගිරිය මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ දී මැතිවරණ කොමිෂම මුණගැසිණි. මෙම සාකච්ඡාව...

ඩලස් අලහප්පෙරුම සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කණ්ඩායමක් ඊයේ සවස රාජගිරිය මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ දී මැතිවරණ කොමිෂම මුණගැසිණි.

මෙම සාකච්ඡාව සඳහා ඩලස් අලහප්පෙරුම මහතා සමඟ මන්ත්‍රීවරු දහතුන් දෙනෙක් සහභාගි වූ බවට වාර්තා වේ.

මැතිවරණ කොමිසමේ සභාපතිතුමා ඇතුළු කොමිෂන් සභාවේ සියලුම සාමාජිකයන් මෙම සාකච්ඡාවට සහභාගී වූ බව ආරංචි මාර්ග පවසයි. මැතිවරණ ක්‍රමයේ සිදුවිය යුතු වෙනස්කම් පිළිබඳ දීර්ඝ සාකච්ඡාවක් සිදුව තිබේ.


කෙසේ නමුත් ඉදිරියේදී බිහිවන නව දේශපාලන බලවේගයක මූලික නීතිමය කාරණා නිරාකරණය කර ගැනීමට මෙම පිරිස පැමිණි බව ද වාර්තා වේ.

ලංකා පොදුජන පෙරමුණේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ දැනට පොහොට්ටුවේ ඉතිරිව ඇති මන්ත්‍රීන් 117 දෙනාගෙන් 49 දෙනකු ඩලස් අලහප්පෙරුම මහතා සමග නව දේශපාලන බලවේගයකට දැනටමත් එක්ව ඇති බවයි.

දැනට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මහාචාර්යවරු, ආචාර්යවරු, වෛද්‍යවරු, ඉංජිනේරුවන් හා නීතිඥවරුන්ගෙන් සිව් දෙනකු හැර සියලු දෙනා මෙම නව බලවේගයට එක්ව ඇති බව ද වාර්තා වේ.

“හැකියාවට සහ නිර්මාණශීලීත්වයට මුල්තැන දෙමු; දූෂණය, අන්තවාදය සහ පවුල්වාදය පිටු දකිමු” යන්න නව දේශපාලන බලවේගය සිය තේමා පාඨය ලෙස තෝරාගෙන ඇති බව ද වැඩිදුරටත් වාර්තා වේ.

 

No comments

Ads Place