Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ශ්‍රී ලංකාවට දිනකට කෝටි 600ක් ණයට ගන්න වෙලා - බන්දුල කියයි

ශ‍්‍රී ලංකාවට දෛනික වියදම් පියවා ගැනීමට රුපියල් කෝටි 600 ක පමණ මුදලක් විදේශයන්ගෙන් ණයට ගැනීමට සිදුව ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගු...

ශ‍්‍රී ලංකාවට දෛනික වියදම් පියවා ගැනීමට රුපියල් කෝටි 600 ක පමණ මුදලක් විදේශයන්ගෙන් ණයට ගැනීමට සිදුව ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

මෙරට ආදායම රුපියල් කෝටි හාරසිය දක්වා අඩු වී ඇති බවත් දෛනික වියදම රුපියල් කෝටි දහසක් පමණ වී ඇතැයි ද අමාත්‍යවරයා පැවසීය.

ඒ අනුව ඉතිරි කෝටි 600 ක මුදලක් දෛනිකව ණය වීමට සිදුව ඇති බවද ඔහු සඳහන් කළේය.

ශ්‍රී ලංකාව අද වන විට ණය හා පොලී ගෙවීමට නොහැකි තැනකට පත්ව ඇත්තේ මෙම තත්වය හේතුවෙන් බවද පැවසූ ගුණවර්ධන මහතා වෙනත් රජයක් බලයට පැමිණියද සේවක වැටුප් විශ්‍රාම ඇතුළු කපා හැරීමට නොහැකි වියදම් අනිවාර්යෙන්ම දැරීමට සිදුවන බවද කියා සිටියේය.

කොලඹදී මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

 

No comments

Ads Place