Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

දුමින්ද සිල්වාට දුන් ජනාධිපති සමාවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තහනම් නියෝගයක්.

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය ලබා සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ජනාධිපතිවරයා විසින් ප්‍රදානය...



භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය ලබා සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ජනාධිපතිවරයා විසින් ප්‍රදානය කළ  සමාව අත්හිටුවන ලෙස දන්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය තහනම් නියෝගයක් නිකුත් කලා. ඒ අනුව දුමින්ද සිල්වා යළි සිර  බාරයට ගන්නා ලෙසද අධිකරණය විසින් නියෝග කර සිටියා.


මෙම නියෝග ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක වෙත නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඊට අවශ්‍ය උපදෙස් හා සහය ලබාදෙන ලෙසද නීතිපතිවරයාට නියම කළා.


දුමින්ද සිල්වා ගේ විදේශ ගමන් තහනම් කිරීමේ නියෝගයක් ද අධිකරණය නිකුත් කළා.


අදාළ ජනාධිපති සමාව අභියෝගයට ලක්කරමින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, ඇයගේ මව සුමනා ප්‍රේමචන්ද්‍ර සහ මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස්වරෙකු වන ජනාධිපති නීතිඥ ගසාලි හුසේන් ඇතුළු පිරිසක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් තුනක් විභාගයට ගැනීමට අවසර දෙමින් ප්‍රීති පද්මන් සූරසේන, යසන්ත කෝදාගොඩ සහ අචල වෙංගප්පුලි යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය කළා.


පෙත්සම් විභාගය සැප්තැම්බර් මස 01 වනදා පැවැත්වීමට ද දින නියම කලා.

No comments

Ads Place