Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඖෂධ නෑ..ජාතික රෝහලේ හෘධ සැත්කම් නවතී???

ජූනි මාසයේ සිට කොළඹ ජාතික රෝහලේ හදවත් සැත්කම් නතර කිරීමට සිදුවනු ඇතැයි වෛද්‍යවරු අනතුරු අඟවා තිබේ. හෘද රෝග විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ මහතා ...

ජූනි මාසයේ සිට කොළඹ ජාතික රෝහලේ හදවත් සැත්කම් නතර කිරීමට සිදුවනු ඇතැයි වෛද්‍යවරු අනතුරු අඟවා තිබේ.

හෘද රෝග විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ මහතා සඳහන් කරන්නේ එම සැත්කම් සදහා අවශ්‍ය ඖෂධ සහ ශල්‍ය උපකරණ හිගය මීට හේතු වී ඇති බවයි.

සාමාන්‍යයෙන් දිනකට ජාතික රෝහලේ හෘද සැත්කම් හතරක් පමණ සිදු කරන අතර මේ වනවිට එම ප්‍රමාණයද අඩු කර ඇත.

හදවත් රෝගීන් සඳහා ලබාදෙන අත්‍යවශ්‍ය එන්නත් වර්ගයක් හිග වී ඇති බවත් මේ හේතුවෙන් හෘද රෝගීන් දැඩි අවදානමකට මුහුණ දීමට සිදුව ඇති බවත් හෙතෙම පැවසීය.

හදවත් සැත්කම් කිරීමේ දී ලබාදෙන හදිසි ඖෂධ වර්ග කිහිපයක්ම රෝහලේ හිඟතාවයක් පවතී.

එම ඖෂධ ඉදිරි මාස තුනක පමණ කාලය ඇතුලත නොලැබුණොත් අනෙකුත් සැත්කම් සඳහා ද බාධා වීමේ අවදානමක් මතුව ඇත.

 

No comments

Ads Place