Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රුසියාවෙන් ඉන්ධන ගෙන්වීමට තීරණයක්????

ලංකාවට රුසියාවෙන් ඉන්ධන මිල දී ගැනීමේ හැකියාව සම්බන්ධයෙන් සොයා බලමින් සිටින බව වාර්තා වෙයි. ඉන්ධන ආනයනයට යන අධික වියදම අඩු මට්ටමක තබා ගැනීම ...

ලංකාවට රුසියාවෙන් ඉන්ධන මිල දී ගැනීමේ හැකියාව සම්බන්ධයෙන් සොයා බලමින් සිටින බව වාර්තා වෙයි.

ඉන්ධන ආනයනයට යන අධික වියදම අඩු මට්ටමක තබා ගැනීම සඳහා රුසියාවෙන් අඩු මිලට ඉන්ධන ලබා ගැනීම මෙහි අරමුණයි.

දැනට රුසියාවට පනවා ඇති සම්බාධක හා එරටෙන් ඉන්ධන මිල දී ගැනීම සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් විදේශ අමාත්‍යාංශය උපදෙස් පතා ඇත.

රුසියාවෙන් ඉන්ධන මිල දී ගැනීම සඳහා ඇති හැකියාව සොයා බැලීම සඳහා අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කළ බව විදේශ අමාත්‍යාංශ ලේකම්වරයා කියා සිටියේ ය.

රුසියාව සහ යුක්රේනය අතර පවතින ගැටුම් හේතුවෙන් රුසියානු ඉන්ධන ඉතා අඩු මිලට සපයා ගැනීමට හැකිවීම හේතුවෙන් තෙල් සංස්ථාව ඒ සඳහා යොමු වී තිබේ.

කෙසේ වෙතත් විදේශ අමාත්‍යාංශයේ නිර්දේශ මත මෙම කටයුතු ඉදිරියට ගෙන යාමට තීරණය වී තිබේ

 

No comments

Ads Place