Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

'ඉල්ලා අස් වෙන්න සූදානම්..'- අගමැති මහින්ද

රට අරාජික වීමට ඉඩ නොතබා කල්ගත නොවී නොව අග්‍රාමාත්‍යවරයෙකු පත් කර ගැනීමට කටයුතු කරන්නේ නම් තමන් ඉල්ලා අස්වීමට සූදානම් බව අග්‍රාමාත්‍ය මහින්ද ...

රට අරාජික වීමට ඉඩ නොතබා කල්ගත නොවී නොව අග්‍රාමාත්‍යවරයෙකු පත් කර ගැනීමට කටයුතු කරන්නේ නම් තමන් ඉල්ලා අස්වීමට සූදානම් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසූ බව පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ සඳහන් කළහ.

උන්වහන්සේ ඇතුළු භික්ෂූන් වහන්සේලා කිහිප නමක් අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍යවරයා සමඟ සාකච්ඡා කිරීමෙන් පසු මෙම අදහස් පල කරන ලදී.

‘අග්‍රාමාත්‍යවරයා කියනවා… මා ඉල්ලා අස්වෙන්නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉල්ලා අස්වීමට මම සූදානම්. එහෙත් ඒ ඉල්ලා අස්වීමෙන් පසුව ඇතිවන හිඩැස පිරිවීමට කල්ගත වුණාම රටට, රාජ්‍ය පාලනයක් නැති වෙනවා කියලා. මෙන්න මේ හිඩැස පුරවන්න කොච්චර කාලයක් යනවාද? ඒ කාලසීමව තුළ රට සම්පූර්ණයෙන් අරාජික වෙනවා කියලා.

අපි කිව්වා ජනාධිපතිවරයාට තියෙන විධායක බලතල යටතේ රටේ පරිපාලනය මෙහෙයවා ගන්න පුළුවන් කියලා. අගමැතිවරයා දිගින් දිගටම කිව්වා ජනාධිපතිවරයාගේ බලතල යටතේ රට පවත්වාගෙන යන්න බැහැ. අගමැතිවරයා ප්‍රධාන අමාත්‍ය මණ්ඩලය ඉවත්වන විට රට අස්ථාවර වෙනවා කියලා.

අස්ථාවර වුණොත් මේ තියෙන තත්ත්වය භීෂණයක් බවට පත්වෙයි. තවත් අර්බුද පහළවෙයි. ඒ නිසා මා ඉල්ලා අස්වෙනවා කිසිම සැකයක් නැහැ ඒකාන්තයි. පාර්ලිමේන්තුවේ අනෙක් සියලුම පක්ෂ එකතුකරගෙන ඊළඟ පියවර තබන හැටි ස්ථිරවම තීරණය කරන්න කළාට පස්සේ කියලා.

ඒ කියන්නේ අගමැතිවරයෙක් පත්කර ගැනීම සඳහා ඒකමතික තීරණයකට එන්න කියලා. අගමැතිවරයා කවුරුන්ද? අගමැතිවරයා පත්කරන ආකාරය පිළිබඳව ඒකමතිකත්වයට එන්න.. තමන් තමන්ගේ පදවියෙන් ඉවත්නන් සූදානම් කියන එක තමයි එතුමා කිව්වේ. දැන් අපි මේ සම්බන්ධයෙන් මහනායක ස්වාමින් වහන්සේලා සමග නැවත සාකච්ඡා කරනවා. පක්ෂ නායකයින්ගේ එකමුතුවක් හදාගෙන නැවත මේ සඳහා ගතයුතු පියවර සම්බන්ධයෙන් පක්ෂ නායකයින්ගේ වගකීම පෙරමුණු කොටගෙන ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා’

මෙම හමුව සම්බන්ධයෙන් අගමැති මාධ්‍ය ඒකකය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

රට අරාජික වීමට කිසිසේත්  ඉඩ නොතබන බවත් රටේ දේශපාලන ස්ථාවර භාවය පවත්වාගෙන යාම සඳහා ගන්නා  තීරණ සමඟ කටයුතු  කිරීමට සූදානම් බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

පූජ්‍ය ඕමල්පේ සෝභිත ස්වාමීන්වහන්සේ ප්‍රධාන මහා සංඝරත්න (26) පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී හමු වූ අවස්ථාවේ අගමැතිතුමා මේ බව කියා සිටියේය.

මහා නායක හිමිවරුන් නිකුත් කළ ලිපිය පිළිබඳව පූජ්‍ය ඕමල්පේ සෝභිත ස්වාමීන්වහන්සේ විසින් මෙහිදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දැනුවත් කරනු ලැබූහ.

අන්තර්වාර පාලන ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් මෙහිදී මහා සංඝරත්නය සිය අදහස් පළ කළහ.

අන්තර්වාර පාලන ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය නම් ඒ සම්බන්ධව මහා නායක ස්වාමීන්වහන්සේලා ප්‍රධාන ආගමික නායකයින්ගේ සහ  සියලු පක්ෂ නායකයින්ගේ එකඟතාව ලබා ගැනීමට කටයුතු කරන ලෙස  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී මහා සංඝරත්නය හමුවේ ප්‍රකාශ කළේය.

රටේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සඳහා දේශපාලන ස්ථාවර භාවය වැදගත්වන බවත්, ඒ හේතුවෙන් කිසිම මොහොතක රට අරාජික වීමට තමන් ඉඩ නොතබන බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී අවධාරණය කළේය.

පූජ්‍ය ඕමල්පේ සෝභිත ස්වාමීන්වහන්සේ, පූජ්‍ය අගලකඩ සිරිසුමන ස්වාමීන්වහන්සේ, පූජ්‍ය රජවත්තේ වප්ප ස්වාමීන්වහන්සේ, පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර ස්වාමීන්වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය මෙම අවස්ථාවට වැඩම කළහ.

 

No comments

Ads Place