Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

වාහනයට නැග්ගේ මගේ ආරක්ශකයෙක්..- අනුර කියයි

ඊයේ දිනයේ පාර්ලිමේන්තු පිටවීම් දොරටුව අසල විරෝධතාකරුවන් අතර සිට තම වාහනයට නැග්ගේ තමාගේ ආරක්ෂකයෙක් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානාය...

ඊයේ දිනයේ පාර්ලිමේන්තු පිටවීම් දොරටුව අසල විරෝධතාකරුවන් අතර සිට තම වාහනයට නැග්ගේ තමාගේ ආරක්ෂකයෙක් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා සඳහන් කරයි.

ඊයේ දිනයේ පාර්ලිමේන්තු පිවිසුමේ පැවති විරෝධතාක් අතරතුර ජවිපෙ නායකයා එතැනින් පිටව යන අවස්තවේදී විරෝධතාකරුවන් සමග සංවාදයක නිරත විය.

එක් පුද්ගලයකු විරෝධතාකරුවන් අතර සිට මන්ත‍්‍රීවරයාගේ වාහනයට ගොඩවනු රූප රාමු වල දක්නට ලැබූනු අතර ඒ සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී දීර්ඝ ලෙස ප්‍රශ්න කරනු ලැබීය.

ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් ප්‍රශ්නකර ලැබුවේ ආරක්ෂකයන් හෙල්මට් දමා ගෙන සිටින්නේ කුමන හේතුවක් මතද යන්නයි.

ඊටප්‍රතිචාර දැක්වූ විජිත හේරත් මන්ත්‍රීවරයා කියා සිටියේ අනුර දිසානායක මහතා ඝාතනය කළ හොත් එය සැකයෙන් ආරක්ෂක එලෙස ස්ථානගත කර ඇති බවයි.

කෙසේ වෙතත් දිගින් දිගටම ආණ්ඩු පක්ෂයේ චෝදනාව වූයේ විරෝධතාකරුවන් අතර සිටි පුද්ගලයෙක් ජවිපෙ නායකයා ගේ වාහනය මතට ගොඩ වීමෙන් පෙනී යන්නේ මෙම විරෝධතා ජනතා විමුක්ති පෙරමුණ හසුරුවන ඒවා බවයි.

 

No comments

Ads Place