Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සජබෙ ඩීල් නැති දේදුණු සන්ධානයක්! වහාම ජනාධිපතිවරණයක් තබනු – සජිත්

  දරාගත නොහැකි ජීවන වියදම, රටේ පවතින පොහොර හිඟය ඉන්ධන සහ ගෑස් අර්බුදය, විදුලි කප්පාදුව ඇතුළු ජනතාව මුහුණ දෙන පීඩනය මුල් කර ගනිමින් රජයට එරෙහ...



 

දරාගත නොහැකි ජීවන වියදම, රටේ පවතින පොහොර හිඟය ඉන්ධන සහ ගෑස් අර්බුදය, විදුලි කප්පාදුව ඇතුළු ජනතාව මුහුණ දෙන පීඩනය මුල් කර ගනිමින් රජයට එරෙහිව සමගි ජන බලවේගය සංවිධානය කළ දැවැන්ත විරෝධතාව දිවයිනේ නන් දෙසින් පැමිණි අති විශාල ජනකායකගේ සහභාගීත්වයකින් කොළඹ දී ඊයේ (15) පස්වරුවේ පැවැත්විණි.


“රට විනාශයි දැන් ඇති, ජනතාවට විනාසේ ආණ්ඩුව සිනාසේ, ජනතාව ගින්දරේ ආණ්ඩුව මන්දිරේ, ජනතාව කලුවරේ ආණ්ඩුව සුරපුරේ, ජනතාවට ඇපත් නෑ ආන්ඩුවට වගක් නෑ, රට වළ පල්ලට ගොවියා මහපාරට, උන්ට සැප රථ ගොවින්ට ඇප නැත, පිස්සො රජවෙලා වැසියෝ නැතිවෙලා, වැඩ බැරිනම් ගෙදර යන්න, සෞභාග්‍යයේ දැක්ම කොහොමද?, දැන් සැපද, බෙහෙත් නෑ, හාල් මිල සැපද, සිමෙන්ති මිල සැප ද, ආදී සටන් පාඨ සඳහන් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් ඔවුහු විරෝධතා පා ගමනෙහි නිරත වූහ.


විරෝධතාකරුවන් “ගෝඨා ගෙදර පළ” යනුවෙන් සඳහන් කලු පටි පැළඳ විරෝධතාවේ නිරතවීම විශේෂත්වයකි. මොළ හතාගේ ආර්ථිකය, අතිගරු ගෝඨාභය රාජපක්ෂ ආදීය සඳහන් මිනීපෙට්ටි කිහිපයක්, මල්වඩම්, හිස් පිගන්, ජනාධිපතිවරයාගේ, අගමැතිවරයාගේ සහ මුදල් අමාත්‍යවරයාගේ අනුරූ, ගෑස් ටැංකි, හාල් උර, ආදිය ප්‍රදර්ශනය කරමින් උද්ඝෝෂණය කළහ.


විරෝධතාව අතරතුර පන්දම් දල්වමින් දුම්මල ගසමින් ආණ්ඩුව පලවා හැරීමට යාග පවතිවමින් විරෝධතාකරුවෝ පැමිණියහ. විරෝධතාව සඳහා විශාල පොලිස් ආරක්ෂාවක් යොදවා තිබෙනු දක්නට ලැබිණි.


රට කාබාසිනියා කළ ආණ්ඩුව ගෙදර යැවීමට තමන් කොළඹ පැමිණි බව විරෝධතාව අමතමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළේ ය. සමගි ජන බලවේගය දැවැන්ත වෘක්ෂයක් බවත් දේදුණු සන්ධානයක් බවත් අවධාරණය කළ විපක්ෂ නායකවරයා එය කිසිවෙකු සමග ඩීල් දේශපාලනයට සූදානම් නොමැති බව ද ප්‍රකාශ කළේ ය.


ජනාධිපතිවරයාගෙන් තවත් රට කාබාසිනියා නොකර ගෙදර යන ලෙස ඉල්ලා සිටි හෙතෙම ජන මතය උරගා බැලීමට පාර්ලිමේන්තුවේ 2/3ක අනුමැතිය ගෙන නැවත ජනාධිපතිවරණයක් පවත්වන ලෙසත් එවිට ජනතාව නියම තීන්දුව ලබා දෙනු ඇති බවත් සඳහන් කළේ ය.


මාර්ග දෙක ඔස්සේ පැමිනි පෙළපාලිකරුවන් එකට එකතු වී ජනතා ප්‍රශ්න පැවසීමට අවශ්‍ය බව පවසමින් ජනාධිපති ලේකම් කාර්යාලයට ඇතුළට යාමට උත්සාහ කළ අතර පොලිස් විශේෂ කාර්යාලය ඇතුළු ආරක්ෂක අංශ යොදවා ඔවුන් වැළැක්වීමට ක්‍රියාකිරීම නිසා අතිශය උණුසුම්කාරී තත්ත්වයක් ද හට ගත්තේය.


පෙළපාලියෙන් ගෙන ආ මිනිපෙට්ටි ජනාදිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මහ පාරේ ගිනිතබා විනාශ කිරීමට පියවර ගැනිණි.

No comments

Ads Place