Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සර්ව පාක්ශික මල පිපෙයි...ජාතික ආණ්ඩුවක්??

ඉදිරියේදී කැවදන සර්වපාක්ෂික සමුළුව හරහා ජාතික ආණ්ඩුවක් යෝජනා කර එමගින් ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා සූදානමක් ඇති බව දේශපාලන ක්ෂේත්‍රයේ සාකච...

ඉදිරියේදී කැවදන සර්වපාක්ෂික සමුළුව හරහා ජාතික ආණ්ඩුවක් යෝජනා කර එමගින් ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා සූදානමක් ඇති බව දේශපාලන ක්ෂේත්‍රයේ සාකච්ඡා කෙරෙමින් පවතී.

එම ජාතික ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ධුරය රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දෙනු ඇති බවට ද එම තොරතුරු වාර්තා කරයි.

මේ පිලිබදව ප‍්‍රධාන පෙලේ මාධ්‍ය නාලිකා විසින් ඉදිරිපෙල දේශපාලක්‍ඥයන් කිහිප දෙනෙකුගෙන්ම සාකච්චා අතරතුර විමසුවද ඔහුන් එය ප‍්‍රතික්‍ෂෙප කිරීමක් හෝ පිලිගැනීමක් සිදු නොකලේය.

මේ සම්බන්ධයෙන් කොළඹ පැවති මාධ්‍ය හමුවක දී ජාතික සංවිධාන එකමුතුව විසින් පළකරන ලද අදහස් මෙසේය.

ජාතික සංවිධන එකමුතුවේ කැදවුම්කරු වෛද්‍ය ගුණදාස අමරසේකර මහතා,

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඓතිහාසික ජනවරම නිර්මාණය කෙරෙන්නේ බෙදුම්වාදී සහ ආගමික අන්තවාදී බලවේග වල න්‍යාය පත්‍රය පරාජය කිරීම සඳහාය. මේ වන විට ඉන්දියාව ප්‍රමුක බටහිර අධිරාජ්‍යවාදී බලවේග මානව හිමිකම් නාමයෙන් බෙදුම්වාදී මාර්ග සිතියමට අදාල ඉල්ලීම් ඉදිරිපත් කරනවා, බලපෑම් කරනවා. 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කළ යුතු බවට සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඔවුන්ට වුවමනා ආකාරයට සංශෝධනය කිරීමට බලපෑම් කරනවා. එසේ නොමැතිනම් ජනාධිපතිතුමා ඇතුළු යුද්ධයට නායකත්වය ලබා දුන් රණවිරුවන්ට එරෙහිව ජාත්‍යන්තර නීතිය ක්‍රියාත්මක කරන බවට බලපෑම් කරනවා, බියගැන්වීම් කරනවා.

වෙනත් වචනවලින් කියනවා නම් යුද අපරාධ චෝදනා ප්‍රාණ ඇපයට යොදාගනිමින් බෙදුම්වාදීන් ව්‍යවස්ථා සංශෝධන කප්පම් ඉල්ලා සිටිනවා. ඒ සඳහා බලපෑම් කිරීම සදහා පවතින ආර්ථික අර්බුදය එම බලවේග විසින් ඉතා සූක්ෂම ලෙස යොදා ගන්නවා.

එම බලපෑම්වල ප්‍රධාන කොන්දේසියක් තමයි ජාතික ආණ්ඩුවක් හෙවත් සර්වපාක්ෂික ආණ්ඩුවක් නිර්මාණය කිරීම. එවිට බෙදුම්වාදී සහ ආගමික අන්තවාදී බලවේග වලට මෙන්ම ඔවුන් වෙනුවෙන් වක්‍රව පෙනී සිටින දේශපාලන බලවේග වලට හැකියාව ලැබෙනවා ආණ්ඩුව සමග කේවල් කිරීමට.

මෛත්‍රීපාල සිරිසේන මහතා සර්වපාක්ෂික සමුළු යෝජනාව ඉදිරිපත් කරන්නේ සද්භාවයෙන් වෙන්න පුළුවන්. ඒත් ආණ්ඩුව තුළ සිටින බටහිර න්‍යාය පත්‍රයට ගොදුරු වූ පිරිස් එම යෝජනාව අයුතු ලෙස භාවිතා කරමින් ජාතික ආණ්ඩුවක් නිර්මාණය කිරීමට උත්සාහ කරනවා.

දැලිපිහියෙන් රැවුල කපනවා වගේම බෙල්ල කපන්නත් හැකියාව තිබෙනවා. ඒ නිසා ජාතිකවාදී බලවේග මෙම උගුලට පය නොතැබිය යුතු බව අපි ප්‍රකාශ කරනවා.

 

No comments

Ads Place