Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කුණු කූඩෙට වැටුන විමල්ට වැරදුණ තැන : මහින්ද පතිරණගේ විග්‍රහය.

විමල් වීරවංශ මහතාට වැරදුණ තැන ගැන ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති ජේෂ්ඨ කථිකාචාර්ය මහින්ද පතිරණ මහතා අනාවරණයක් කොට තිබෙනවා. ඒ රාජපක්ෂවරුන...



විමල් වීරවංශ මහතාට වැරදුණ තැන ගැන ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති ජේෂ්ඨ කථිකාචාර්ය මහින්ද පතිරණ මහතා අනාවරණයක් කොට තිබෙනවා.


ඒ රාජපක්ෂවරුන්ව බිත්තියටම හේත්තු කර ප්‍රහාරයක් එල්ල කිරීමට යෑම.


ඉවසීමේ සීමාව


බිත්තියට හේත්තු කරන කල් රාජපක්ෂලා ඉවසන බවත් අවුරුදු 15 ක්ම විමල් වීරවංශ මහතාගේ ඇතැම් වැඩ කටයුතු රාජපක්ෂලා ඉවසලා සිටි බවයි පතිරණ මහතාගේ මතය වන්නේ.


රාජපක්ෂලා කවදාක්වත් බිත්තියට හේත්තු කිරිම නොකළ යුතු බව පතිරණ මහතා පෙන්වා දෙන්නේ එසේ කරන අයට හිතාගන්නවත් බැරි විදියට රාජපක්ෂලා ප්‍රතිචාර දක්වන බව මතක් කරමින්.


ඊට උදාහරණය ලෙස ඔහු පෙන්වා දෙන්නේ අවසානයේ ඉන්න හිටින්න තැනක්වත් නැතිව විනාශ වී ගිය වේලුපිල්ලේ ප්‍රභාකරන්ට අත්වූ ඉරණම.


වරද්ද ගත් අයුරු


මේ වතාවේ විමල් වීරවංශලා වරද්දා ගත් බව සඳහන් කරන පතිරණ මහතා ඔවුන් සිතුවේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ කරපු සෙල්ලම එනම් ආණ්ඩුව ඇතුළේ ඉඳන් ආණ්ඩුවට ගැසීම මේ පාරත් කිරීමට බවයි පෙන්වා දෙන්නේ.


එසේ කිරීමෙන් ප්‍රචාරක බලපෑම වැඩි බැවින් ඒ හරහා විමල් වීරවංශලා සැලසුම් කළේ මෛත්‍රිපාල සිරිසේන මහතා මෙන් අන්තිම මොහොතේ පැනලා යන්න අවශ්‍ය කටයුතු කිරීම බව පතිරණ මහතා අවධාරණය කරනවා.


රාජපක්ෂලා නිසි වේලාවට තීන්දු ගැනීමට සමත් පිරිසක් බැවින් මේ අවස්ථාවේ වීරවංශලා අරඹයා ඉතා සැලසුම් සහගතව කටයුතු කර බවයි ඔහු අවධාරණය කරන්නේ.


දේශපාලන ගමන


ඒ නිසා මෙවර වීරවංශලාට යනවා නම් යන්න කියා එසේ නොගිය තැන ඉවත් කළ බව සඳහන් කරන ඔහු එවැනි ප්‍රතිචාරයක් වීරවංශලා කිසි දිනකත් බලාපොරොත්තු නොවූ බවයි පෙන්වා දෙන්නේ.


හොඳ දේශපාලන ගමනක් යෑමට අවස්ථාව තිබූ විමල් වීරවංශ මහතා ඉවසීම නැතිකම , උද්දච්චකම , අධිතක්සේරුව නිසා විනාශ කරගත් බවත් දැන් විමල් වීරවංශ මහතා වැටී තිබෙන්නේ දේශපාලන කුණු කූඩයට බවත් පතිරණ මහතා පෙන්වා දෙනවා.


මහින්ද පතිරණ මහතා ප්‍රසිද්ධ දැඩි බැසිල් රාජපක්ෂ හිතවාදියෙක් ලෙසටයි.

No comments

Ads Place