Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රුසියන් යුක්‍රේන ගැටුමට ලංකාවෙන් සෙබළු ???

යුක්රේනය විසින් පිහිටුවමින් සිටින ජාත්‍යන්තර ආරක්ෂක බල ඇණිය සමඟ එක්වීමට ශ්‍රී ලංකා හමුදාව නියෝජනය කරන කිසිදු නිලධාරියෙකු යොමු නොකරන බව විදේශ...

යුක්රේනය විසින් පිහිටුවමින් සිටින ජාත්‍යන්තර ආරක්ෂක බල ඇණිය සමඟ එක්වීමට ශ්‍රී ලංකා හමුදාව නියෝජනය කරන කිසිදු නිලධාරියෙකු යොමු නොකරන බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරියෙක් සඳහන් කළේය.

රුසියානු හමුදාවට එරෙහිව සටන් වැදීමට කැමති ඕනෑම විදේශීය සටන්කාමියෙකුට වීසා නොමැතිව යුක්රේනයට ඇතුළුවීමට සහ එම බල ඇණිය සමග එක්වීමට යුක්රේන ජනාධිපතිවරයා ලෝක ප්‍රජාව ගෙන් කර ඇති ඉල්ලීම පිළිබඳව ශ්‍රී ලංකා රජයේ ස්ථාවරය ගැන කළ විමසීමකදී එම නිලධාරියා එසේ පැවසීය.

රුසියාව සහ යුක්රේනය යන රාජ්‍යයන් සමග ශ්‍රී ලංකාවට තිබෙන්නේ එක සමාන රාජතාන්ත්‍රික සම්බන්ධතාවයක් බවද පැවසූ ඔහු එම රාජ්‍යයන් දෙක අතර පවතින යුද ගැටුම් වලට අදාලව කිසිදු මැදිහත්වීමකට ශ්‍රී ලංකාව නොයන බවද කියා සිටියේය

 

No comments

Ads Place