Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

දැවිතෙල් නෑ..කැළණිතිස්ස දුවන්නේ ඩීසල් වලින්..

දැවිතෙල්වලින් ක්‍රියාත්මකවීමට ඉදිකර කැලණිතිස්ස සංයුක්ත චක්‍රිය විදුලිබලාගාරය ට අවශ්‍ය දැවිතෙල් නොමැති වීම මත එම බලාගාරය ඩීසල් වලින් ක්‍රියාත...

දැවිතෙල්වලින් ක්‍රියාත්මකවීමට ඉදිකර කැලණිතිස්ස සංයුක්ත චක්‍රිය විදුලිබලාගාරය ට අවශ්‍ය දැවිතෙල් නොමැති වීම මත එම බලාගාරය ඩීසල් වලින් ක්‍රියාත්මක කිරීමෙන් දිනකට එම බලාගාරයෙන් පමණක් රුපියල් කෝටි දෙකක පමණ පාඩුවක් සිදුවන බව ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

සපුගස්කන්ද පිරිපහදුව වසා දැමීමත් සමග පවතින විදුලි අර්බුදය හමුවේ මෙම බලාගාරය ඩීසල් යොදා මේ වන විට ක‍්‍රියාත්මක කරමින් පවතී.

මෙගාවොට් 165 ක ධාරිතාවයක් සහිත මෙම බලාගාරය ඩීසල්වලින් ක්‍රියාත්මක කිරීම මත එක් විදුලි ඒකකයකින් පමණක් අවම වශයෙන් රුපියල් පහක් පමණ අලාභයක් විඳීමට සිදුව තිබේ.

මේ අනුව එම බලාගාරය ඩීසල්වලින් ක්‍රියාත්මක කිරීමෙන් දිනකට කෝටි දෙකක පමණ පාඩුවක් සිදු වෙමින් ඇත.

 

No comments

Ads Place