Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ශ්‍රීලනිපය ගියත් ආණ්ඩුව වැටෙන්නේ නෑ..

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජතික පක්ෂයට පාවා දීම නිසා අසරණ වී සිටී  සැබෑ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට රැකවරණය ලැබුණේ පොහොට්ටුව  බිහි කිර...

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජතික පක්ෂයට පාවා දීම නිසා අසරණ වී සිටී  සැබෑ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට රැකවරණය ලැබුණේ පොහොට්ටුව  බිහි කිරීම නිසා බවත් යහපාලනය පිටුපස ගිය මෛත්‍රී ඇතුළු නඩය ආණඩුවෙන් ඉවත් වුවද ආණ්ඩුව බිද නොවැටන බවත් සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

කටුනායක ගුවන්තොටුපලේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යෙව්දී නැගූ ප්‍රශ්ණවලට පිළිතුරු දෙමින් ඇමතිවරයා මේ බව සදහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදස් දැක්වූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙසේද කීවේය.

“ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ දිනවල ආණ්ඩුවට යම් යම් චෝදනා කරනවා ඒ අය ගියා කියලා ආණ්ඩුව වැටෙන්නේ නෑ. ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් රැකුනේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පොහොට්ටුව හදපු නිසයි. පොහොට්ටුව හදන්නේ නැතිව තිබුන නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂයට පාවා දීම නිසා අසරණ වී හිටපු ශ්‍රී ලංකා කාරයන්ට යන එනමං නැති වෙනවා. ඇත්තටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේම ක්‍රියා කලාපය නිසා අසරණ වෙලා  හිටපු සැබෑ ශ්‍රී ලංකා නිදහස් පක්ෂිකයාට රැකවරණය ලැබුණේ පොහොට්ටුව හදපු නිසයි. ඒක අමතක කරලා තමයි යහපාලනය පස්සේ ගිය අය අද ආයෙත් කටයුතු කරන්නේ. මේ අය රාජපක්ෂවරු හා ආණ්ඩුව විවේචනය කරන එක අරුමයක් නෙමෙයි. මොකද මේ අයගේ නායකයා මෛත්‍රී තමයි ආප්ප කාලා පැනල ගිහින්  එජාපයට කත් ඇද්දේ. මම නම් මුල ඉදලාම හිටියේ ශ්‍රී ල.නි.ප එකතු කර ගන්න එපා කියන මතයේ  ඒකයි මම කිවේ මෙමත්‍රීට ගෑවුනු එකෙකුටවත් ඡන්දය දෙන්න එපා කියලා. ”

 

No comments

Ads Place