Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

යාපනේ ආයුධ කල්ලි අතර ගැටුමක්..අයෙක් මරුට

කිළිනොච්චිය පුනරින් පොලිස් වසමේ කේදාරිමුනෙයි ප්‍රදේශයේදී තරුණයින් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් තියුණු ආයුධයකින් පහර කෑමට ලක් වූ තරුණයෙකු ම...

කිළිනොච්චිය පුනරින් පොලිස් වසමේ කේදාරිමුනෙයි ප්‍රදේශයේදී තරුණයින් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් තියුණු ආයුධයකින් පහර කෑමට ලක් වූ තරුණයෙකු මියගොස් ඇති බවට පොලිසිය පවසයි.

කිලිනොච්චිය ආනෙයිකොට්ටෙයි ප්‍රදේශය පදිංචි තරුණයින් පිරිසක් කේදාරිමුනෙයි ප්‍රදේශය වෙතට ගොස් සිටි අවස්ථාවේදී යාපනය ගුරුනගර් ප්‍රදේශයේ සිට තවත් තරුණයින් පිරිසක් බෝට්ටුවක් මගින් සංචාරයක් සඳහා කේදාරිමුනෙයි ප්‍රදේශය වෙතට පැමිණීමෙන් අනතුරුව තරුණයින් දෙපිරිස අතර  ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යාම මෙම ගැටුමට හේතු වී ඇතැයි අනාවරනය වී ඇත.

බහින්බස්වීම ගැටුමක් දක්වා වර්ධනය වී අනතුරුව ගුරුනගර් ප්‍රදේශයේ සිට පැමිණි තරුණයන් විසින් තියුණු ආයුධයකින් ආනෙයිකොට්ටෙයි ‍සිට පැමිණි තරුණයකුට පහරදීමෙන් එම තරුණයා බරපතල තුවාල ලැබීය.

අනතුරුව අනතුරුව යාපනයේ සිට පැමිණි තරණයින් බෝට්ටුවෙන් පලාගොස් ඇති අතර බරපතල කැපුම් තුවාල ලැබූ තරුණයා කිලිනොච්චි මහ රෝහල වෙත ගිලන්රථයකින් රැගෙන යන අතරතුරදී මියගොස් ඇති බවට පොලීසිය පවසයි.

මෙලෙස ඝාතනය වී ඇත්තේ කිලිනොච්චි අනේයිකෝට්ටේ ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි රංජන් නිරෝෂන් නැමැති අයෙකු බවට හඳුනාගෙන ඇති අතර මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා කිලිනොච්චිය මහරෝහල වෙතට රැගෙන යනු ලැබීය.

පසුව ඊයේ රාත්‍රියේම ඝාතනය සිදුවූ ස්ථානයට  කිලිනොච්චිය දිසා විනිසුරු එස්. සිවාපල සුබ්‍රමනියම් මහතා පැමිණ මහෙස්ත්‍රාත් පරීක්ෂණ කටයුතු සිදු කරනු ලැබූ අතර අදාළ ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් සොයා පුළුල් පරීක්ෂණයක් අරඹා ඇතැයිද පුනරීන් පොලීසිය වැඩිදුරටත් පැවසීය.

 

No comments

Ads Place