Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ගෑස් නැවේ සාම්පල පරීක්ශා කෙරේ..

දිවයිනට  පැමිණි ලාෆ් ගෑස් සමාගමට අයත් නෞකාවක ගෑස් සිලින්ඩරවල තත්ත්වයන් පරීක්ෂා කිරීමට පාරිභෝගික කටයුතු අධිකාරීය පියවර ගෙන තිබේ. ඊයේ (03) රාත...

දිවයිනට  පැමිණි ලාෆ් ගෑස් සමාගමට අයත් නෞකාවක ගෑස් සිලින්ඩරවල තත්ත්වයන් පරීක්ෂා කිරීමට පාරිභෝගික කටයුතු අධිකාරීය පියවර ගෙන තිබේ.

ඊයේ (03) රාත්‍රී 9.30ට පමණ පාරිභෝගික අධිකාරීයේ නිලධාරීන් කණ්ඩායමක් අදාළ නෞකාව වෙත ගොස් පරීක්ෂණ කටයුතු ආරම්භ කළ බව එම අධිකාරීය සඳහන් කළේය.

ඒ අනුව මෙහි සාම්පල පාරිභෝගික අධිකාරීයේ රසායනාගාර මගින් පරීක්ෂාවට ලක්කෙරෙන බව ද ඔවුන් සඳහන් කළේය.

ගෑස් සම්බන්ධයෙන් මේ වන විට දැඩි ගැටලුකාරී වාතාවරණයක් මතුව ඇති අතර දිවයිනට රැගෙන එනු ලබන සියලුම ගෑස් පරීක්ෂා කිරීමට පියවර ගෙන තිබේ.

මේ අතර ලිට්‍රෝ ගෑස් සමාගමට අයත් නෞකාවකින් ලබාගත් ගෑස් සාම්පල පරීක්ෂා කිරීම් කටයුතු තවදුරටත් සිදුකරන බව පාරිභෝගික අධිකාරිය පවසයි.

මෙහි පරීක්ෂණ කටයුතු ප්‍රතීතන මණ්ඩලය මගින් ද සිදුකරන බව සඳහන් වේ.

 

No comments

Ads Place