Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රට බංකොලොත් වෙන්න කලින් බැංකුවේ දාලා තියෙන සල්ලි ගන්නැයි පුද්ගලයෙක් වීඩියෝවක් දාලා..

රට බංකොලොත් වීමට පෙර බැංකුවල ඇති සියළු මුදල් ගන්නැයි පුද්ගලයෙක් සමාජ ජාලවල වීඩියෝවක් දමා ඇතැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ට...

රට බංකොලොත් වීමට පෙර බැංකුවල ඇති සියළු මුදල් ගන්නැයි පුද්ගලයෙක් සමාජ ජාලවල වීඩියෝවක් දමා ඇතැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

මග නැගුම ව්‍යාපෘතියක් නිරීක්ෂණය කිරීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මෙසේ කියා සිටියේය.

‘විදේශ සංචිත නැතිවුනොත් වෙන්නේ  ආණ්ඩුව වැටෙන එක . නමුත් අපි එහෙම වෙන්න ඉඩ තියන්නේ නැහැ. අපි ට ඉතාමත් දක්ෂ ලෙස ආණ්ඩුව  හසුරවගන්න  පුළුවන්. විදේශ සංචිතය නැතිවෙන තරමට විපක්ෂය කැමතියි. අනුරගේ කල්ලියයි ප්‍රේමදාසගේ කල්ලියයි ආණ්ඩුව වැටෙනකන් දවල් හීන බලනවා.  මේ රටේ මිනිස්සුන්ගේ මිල වැඩිවෙන තරමට විපක්ෂය කැමතියි.  මොකද කියනවනම්   එතකොට ඔවුන්ගේ පැත්තට ජනතාව හැරිලා ඔවුන්ට ඡන්දය ලබා දීලා ආණ්ඩු බලය ගන්න පුළුවන් කියලා ඒ අය හිතන නිසා.

මම දැක්කා එක මුස්ලිම් මහත්මයෙක් වීඩියෝ එකක් හදලා පළ කරලා තියෙනවා බැංකුවලින් ඉක්මනට සල්ලි අරගන්න, මේ රට බංකොලොත් වෙන්න යන්නේ  කියලා. මේ සියලු දේ පිටිපස්සේ ඉන්නේ විපක්ෂයයි. එයාලට වුණත් බලයට පත්වෙන්නේ රටක් තියෙන්න ඕන කියලා විපක්ෂය හිතන්නේ නැහැ.

විපක්ෂයට අපිත් එක්ක  එකතු වෙලා මේ රට ගොඩ ගන්න ඕන කියන  එ  අවශ්‍යතාවය ඒ අයට නැහැ. ඔවුන්ගේ ප්‍රාර්ථනාව  කොහොමින් හරි මේ රට විනාශ වෙලා යන එක. නමුත් අපේ ප්‍රාර්ථනාවත් ජනතාවගේ ප්‍රාර්ථනාවත්  ඒක නෙවෙයි. මේ රටේ ආර්ථිකය මීට වඩා දියුණු වෙලා  තියනවා දකින  එක තමයි අපේ ප්‍රර්ථනාව. අපේ ජනාධිපතිතුමා නිවැරැදි තීන්දු තීරණ අරගෙන මේ රටේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කරමින් මේ රට හොඳ රටක් බවට නිර්මාණය කරයි කියලා විශ්වාස කරනවා. ලෝකයක් හැටියට මේ ව්‍යසනයෙන් අපිට මිදෙන්න පුළුවන් වෙනවා’

 

No comments

Ads Place