Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ජ.වි.පෙට රට බාර දුන්නට ඒ අයගේ වැඩ පිළිවෙල මොකක්ද??

ඇත්තටම ජනතාව යම් කිසි පීඩනයකින් ඉන්නව කියල අපි පිලිගන්නවා. ඒක පිලිගන්නේ නැත්නම් මම දේශපාලඥයෙක්නෙවෙයි. මම මහපොලොවේ පය ගහල ජීවත්වෙන ගමේ ඇවිදින...

ඇත්තටම ජනතාව යම් කිසි පීඩනයකින් ඉන්නව කියල අපි පිලිගන්නවා. ඒක පිලිගන්නේ නැත්නම් මම දේශපාලඥයෙක්නෙවෙයි. මම මහපොලොවේ පය ගහල ජීවත්වෙන ගමේ ඇවිදින හැමදාම ගමේ ඉන්න කෙනෙක්. අපි ජනතාව හම්බවෙනවා. ජනතාවට ප්‍රශ්නයක් තියනව කියල අපි පිලි අරගෙන තියෙනව. අපි මේක පිලිඅරගත්ත වගේම අපි මේකට උත්තරයක්  හොයන්න ඕන. යයයි කුඩා වැවිලිභෝග ආශ්‍රිත අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා අදහස් පලකරන ලදී.

ඇඹිලිපිටියේදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පල කල අතර අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ,

‘ඒ නිසා 2021 දී අපි ජීවොනොපාය සංවර්දනය කියනදේට තමයි අපි මිලියන 85000ක් වෙන්කරල දීල තියෙන්නේ. ගමේ ඉන්න අහිංසක මනුස්සයා ගොඩ නගන්නේ කොහොමද, නිෂ්පාදන ආර්ථිකයක් ඒ මිනිස්සුන්ට උදව් නොකර නිෂ්පාදන ආර්ථිකයක් හදන්න බැහැ. අපි බලනවා හැම ගමකම ඉන්න ජනතාවට පක්ෂ පාට භේදයකින් තොරව උදව් කරල, මේ රටේ නිෂ්පාදනයේ හවුල් කාරයෙක් කරන්න. ඒ අයට තමයි මිලියන අසුපන්දහසක් අයවැයෙන් වෙන් කරල දීල තියෙනවා. අමාත්‍යංශයට දීපු සල්ලි වලින් සියයට පනහක් වෙන් කරන්න කියල තියෙන්නේ ජීවෝනොපාය සංවර්ධනයට.  2022 වසරේ මේ රටේ සෑම ගමකම සෑම ග්‍රාමසේවක වසමකම  මේ පාරවල් හදනවට හා ගොඩවැගිලි හදනවට අමතරව  නිෂ්පාදන ආර්ථිකයක් හදන වැඩපිලිවෙලක් අපි ක්‍රියාත්මක කරනව.

2022 මුල් කාර්තුවේදීම ඔබට බලාගන්න පුලුවන් රටේ ජනතාවට බලාගන්න පුලුවන්  අයවැයෙන් දෙන සහනය මොකක්ද කියල. එම නිසා අපි හැමෝටම උදව් කරන වැඩ පිලිවෙලක් එක්ක තමයි යන්නේ. 2022 අයවැයෙන් රාජ්‍ය සේවකයා වෙනුවෙන් ලොකු වැඩක් අපි ක්‍රියාත්මක කරනවා. මාස හතරක් විතර යනකොට මේ කටයුතු ක්‍රියාත්මක කලාම රටේ ජනතාවගේ ප්‍රශ්න වලින් බොහොමයක්ම විසදෙයි.

මම මගේ අමාත්‍යාංශය යටතේ පවුල් ලක්ෂයකට සෙත සැලසීමට මේ වන විට කටයුතු සිදු කරමින් පවතිනවා. ජනාධිපතිතුමාට අවශ්‍ය පරිදි ඇමතිකම් මාරු කරන්න පුලුවන්.අවශ්‍ය නම් ඇමතිකම් මාරු කරන්න පුලුවන්. උසස්වීමක් දෙන්න පුලුවන්. උඩ ඉන්න අය පහලට යවන්නත් පුලුවන්. රටේ ජනතාව දන්නවා වැඩ කලාද නැද්ද කියල. රටක ඇමතිකම් මාරු කරන එක අද ඊයේ උනදෙයක් නෙවෙයි. ඕනම ආණ්ඩුවක් ටික කලෙකට පස්සේ ඇමතිකම් එහාට මෙහාට කරල ඇමතිධූර මාරු කරල  අලුත් ගමනක් යන්න හදනා. මේ ඉන්න ජනාධිපතිතුමා හිතනව නම් මේ ඉන්න ඇමති මණ්ඩලය වෙනස් කරල නව වසරේදී නව ජවයකින් ගමනක් යන්න  ජනතාවගේ සිතුම් පැතුම් ඉෂ්ඨ කරන්න ඕන කියල ඒකට ජනාධිපතිතුමාට අගමැතිතුමට සම්පූර්ණ අයිතිය තියෙනව. නායකයින් හිතනව නම් මේ ඇමතිවරයාට මේ අමාත්‍යංශයට වඩා වැඩ කරන්න පුලුවන් වෙනත් අමාත්‍යාංශයක කියල ඒ දේ තමයි කරන්න ඕන. මට අමාත්‍යංශයක් දීල තියෙනව. ඒ අමාත්‍යාංශයෙන් හරියට වැඩ කලාද කියල ජනාධිපතිතුමා රටේ අය දන්නවා.

තමන්ට දුන්න විෂය සම්බන්ධයෙන් හිරයට වැඩ කරන එක ඇමතිවරුන්ගේ වගකීමක්. ජනාධිපතිතුමාට කොයි වෙලෙත් කියන්න බැහැ මේක මේ මේ ආකාරයෙන් කරන්න කියල. ඇමතිවරුන් දැනගන්න ඕන තමන්ගේ  අමාත්‍යාංශය රට වෙනුවෙන් බබලවන්න. හැබැයි ඇමතිවරුන් වගේම රාජ්‍ය නිළධාරීන්ගේ ප්‍රශ්න තියෙනව. ජනාධිපතිතුමා තීරණය කරනවානම් මේ මේ නිළධාරීන් සමග මේ විදියට වැඩ කරන්න බැහැ. මේ වැඩ තවත් වේගවත් කරන්න ඕන කියල. ඒ අය ඉවත් කරයි. සභාපතිවරුන් ඉන්නව නම් ඉවත්කරයි.

ජනාධිපතිතුමා එනකොට කිව්වා හිට්ලර් කෙනෙක් කියල දැන් කියනවා තද නීති ගන්නේ නැහැ කියනව.

කවුරුත් කියන නීතිවලට යටත්වෙලා අපි මේ රට පාවා දෙන්නේ නැහැ. මේවන විටත් අයි එම් එෆ් එක අපිත් එක්ක කතා කරනවා. ඒ අය මේ රටේ ඉන්නවා. ඒ අය කියන්නේ යම් යම් කොන්දේසි තියෙනව. ඔය කියන සුරංගනා විදියට මේ රටට ආධාර දෙන්න කිසි කෙනෙක් කැමති නැහැ.  එහෙම දෙනවනම් අපි ගන්නවනේ. මේ ණය ගෙවාගන්න ඩොලර් දෙනවනම්, මේ රාජ්‍ය සේවකයන් අයින් කරල පුරප්පාඩු පුරව්නනේ නැතිව, මෙච්චර රාජ්‍ය සේවකයන් පුමාණයක් අයින් කරල, පාඩු ලබන රාජ්‍ය ආයතන ටික විකුනල දාල, පෞද්ගලීකරණය කරන්න. රජයේ කිසිම දෙයක් තියාගන්නේ නැතිව පුද්ගලික අංශයට දීල  රජයේ බර අඩුකරන්න කියයි. ඒ දේ කරන්නද හැටනව ලක්ෂයක් ඡන්දය දුන්නේ.

රනිල් වික්‍රමසිංහටයි විපක්ෂයේ ඉන්න අයටයි ඕන විදියට මේ කරන්න නෙවෙයි හැටනව ලක්ෂයක් ඡන්දය දුන්නේ. ඒ අයට ඕන අපි අමාරුවේ දාන්න.  පාඩු ලබන ආයතන ටික පුද්ගලික අංශයට දුන්නම කියයි ඔන්න විකුනනවා කියල. මේ වෙලාවේ විපක්ෂය බොරදියේ මාලුබාන්න හදනවා. කොන්දේසි විරහිතව ණය දෙනවනම් අපි ගන්නවා. ඒක මුදල් ඇමතිතුමා කතා කරල ඒ වැඩේ අපි හරියට ඒ විදියට එනවනම් කරනවා.

අපි ඔක්කොම එකතුවෙලා රට ගොඩනගමු. සියලුම පක්ෂ එකතුවෙලා එක තැනකට ඇවිත් එක කුමවේදයක් හදල මේ ක්‍රමවේදයටයි අපි මේ ණය ටික ගෙවා ගන්නේ කියල වැඩ කරන්න ඕන. දැන් ඔය ජනතා විමුක්ති පෙරමුණ කියනවා රට බාරගන්න කැමතියි කියල. රට බාරගන්න ඕන කෙනෙක් කැමතියි. හැබැයි කරන ක්‍රමවේදයක් තියෙනවද. අනුරකුමාර ආව කියල මේ ණය ටික ගෙවන්න එයාට කොහොන් හරි ඩොලර් දෙනව කියල කියල තියනවද. කොහොන්ද ඒ මුදල්.  ඒ අයට පොලී නැතිව ණය දෙනව කියල කුවරුහරි කියනවද, මේ අයගේ වැඩ පිළිවෙල මොකක්ද

 

No comments

Ads Place