Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අවිශ්කගේ විශිෂ්ඨ ශතකයෙන් ශ්‍රී ලංකාව ශක්තිමත් තැනක

දකුණු අප්‍රිකාවට එරෙහි පළමු එක්දින ක්‍රිකට් තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9 ක් දැවී ලකුණු 300 ක් රැස් කිරීමට සමත් ...


දකුණු අප්‍රිකාවට එරෙහි පළමු එක්දින ක්‍රිකට් තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9 ක් දැවී ලකුණු 300 ක් රැස් කිරීමට සමත් වුණා. එහිදී විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 118 ක් රැස් කළා. ඒ ඔහුගේ 3 වන එක්දින ශතකයයි. ඉකුත් මැයි මාසයට පසු එක්දින ක්‍රිකට් පිටියේදී ශ්‍රී ලංකා පිතිකරුවෙකු රැස් කළ පළමු ශතකය මෙය වනවා. 


වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ චරිත් අසලංක පන්දු 62 කදී ලකුණු 72 ක් රැස් කළා. එය ඔහුගේ 2 වන එක්දින අර්ධ ශතකයයි. ධනංජය  ද සිල්වා දැවී ගියේ ලකුණ 44 ක් ලබා සිටියදීයි. මිනෝද් භානුක ලකුණු 27 යි.


තරගය පැවැත්වෙන්නේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීයි. තරගයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමටයි.   

nethnews

No comments

Ads Place