Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

‘රන්ජන්ට නිදහස දෙන්න’ සජිත්ගෙන් යළිත් ජනපතිට ලියුමක්

  සිරගතව සිටින රන්ජන් රාමනායක මහතාට ජනාධිපති සමාව දී නිදහස ලබාදීමට කටයුතු කරන ලෙස නැවත ඉල්ලා විපක්‍ෂනායක හා සමගි ජනබලවේගයේ නායක සජිත් පේ‍්‍ර...

 


සිරගතව සිටින රන්ජන් රාමනායක මහතාට ජනාධිපති සමාව දී නිදහස ලබාදීමට කටයුතු කරන ලෙස නැවත ඉල්ලා විපක්‍ෂනායක හා සමගි ජනබලවේගයේ නායක සජිත් පේ‍්‍රමදාස මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට ලිපියක් යොමුකර තිබේ.


රාමනායක මහතාගේ නිදහස වෙනුවෙන් පෙර අවස්ථාවල ද ජනාධිපතිතුමන් දැනුවත් කළ බවත්, ඒ සෑම අවස්ථාවකම දැක්වූ ප‍්‍රතිචාරයන් ගැන කෘතඥතාව පළකරන බවත් සඳහන් කරමින් පේ‍්‍රමදාස මහතා පෙරේදා (31 දා) යොමුකර ඇති ලිපියේ මෙසේද සඳහන්කර තිබේ.


පාර්ලිමේන්තු මන්ත‍්‍රී අප හිතවත් රන්ජන් රාමනායක මහතා 2021 ජනවාරි 12 දින සිට මේ දක්වා දින 232ක කාලයක් සිර දඬුවම් විඳිමින් සිටී. රන්ජන් රාමනායක මහතා අවංක චරිතයක් ඇත්තකු ලෙසත්, සත්‍ය වෙනුවෙන් කතා කරන චරිතයක් ලෙසත් කා අතරත් පිළිගැනීමක් තිබේ. කලාකරුවකු ලෙස රන්ජන් රාමනායක මහතා වසර ගණනාවක් අඛණ්ඩව ජනප‍්‍රියම නළුවා ලෙසත්, ජනතාවාදී කලාකරුවකු ලෙසත් විශේෂ කීර්තියක් ලබාගෙන සිටින අතර, දේශපාලනඥයකු ලෙස අවස්ථා රැුසකදීම ඉහළම ජනතා මනාපයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූවෙකි. දේශපාලනයෙන් හෝ වෙනයම් කිසිම මාර්ගයකින් අයථා කටයුතුවලට හෝ දූෂණවලට එතුමා සම්බන්ධ නැති බව කවුරුත් දන්නා කරුණකි.


එතුමාගේ නිදහස සම්බන්ධයෙන් මැදිහත් වන ලෙස දේශපාලන පක්‍ෂ, පාට භේදයකින් තොරව ආගමික නායකයන්, ප‍්‍රවීණ කලාකරුවන්, නීති විශාරදයන්, සිවිල් පුරවැසියන් විශාල පිරිසක් ඉල්ලීම් කළ අතර ඔබතුමාට ද එවැනි ඉල්ලීම් ගණනාවක් යොමුකර තිබිණි.


රන්ජන් රාමනායක මහතාගේ නිදහස උදෙසා ඉහත පාර්ශ්වයන් නැවත නැවතත් මා වෙතින් විමසීම් සහ ඉල්ලීම් සිදුකරනු ලබන අතර එකී ඉල්ලීම් සාධනීය බවත්, සාධාරණ බවත් මා මෙන්ම ඔබතුමා ද විශ්වාස කරනු ඇතැයි අපේක්‍ෂා කරමි. ඒ අනුව රන්ජන් රාමනායක මහතාට ජනාධිපති සමාව ලබා දීම පිළිබඳව ඔබතුමන්ගේ සාධනීය ප‍්‍රතිචාරය කඩිනමින් අපේක්‍ෂා කරමි.

devaina

No comments

Ads Place