Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොරෝනා පාලනය කරගන්න බැරිවුනොත් ආර්ථිකයත් කඩා වැටෙනවා..

  නිරෝධායන කාල සීමාව තුළ මෙන්ම ඉන් පසුවත් වසංගතය පාලනය කර ගනිමින් රටේ ආර්ථික ක්‍රියාවලිය පවත්වාගෙන යාම ඉතා වැදගත් බවත් එසේ නොවුනහොත් සමස්ත ජ...


 නිරෝධායන කාල සීමාව තුළ මෙන්ම ඉන් පසුවත් වසංගතය පාලනය කර ගනිමින් රටේ ආර්ථික ක්‍රියාවලිය පවත්වාගෙන යාම ඉතා වැදගත් බවත් එසේ නොවුනහොත් සමස්ත ජනතාවම එහි බලපෑමට මුහුණ දීමට සිදුවන බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා සඳහන් කරයි.

රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා මෙම අදහස් පළ කර සිටියේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි,

කොවිඩ් 19 වසංගතය පාලනය කරමින් රට යථාතත්ත්වයට පත් කර ගැනීම සඳහා සිදුකරනු ලබන එන්නත්කරණ වැඩපිළිවෙල, රෝහල් සේවා පවත්වාගෙන යාම, ඒවාට අවශ්‍ය පහසුකම් ලබාදීම, නිරෝධායන කාලය තුළ ජනතාවට අවශ්‍ය සහන සැලසීම ඇතුළු කාර්යයන් සඳහා රජය විශාල මුදලක් වැය කරනු ලබනවා. මේ සියලු දේ සඳහා රටේ ආර්ථිකය ශක්තිමත්ව පවත්වාගෙන යා යුතු වෙනවා. එසේ නොවුනහොත් කොවිඩ් මර්දන වැඩසටහන පමණක් නොවේ, රටේ සෑම ක්ෂේත්‍රයක්ම කඩා වැටීමකට ලක් විය හැකියි. මේ නිසා අසීරුතා මධ්‍යයේ වුවද ජනතාව ආරක්ෂා කර ගැනීමට ප්‍රමුඛතාවය දෙමින් ආර්ථික ක්‍රියාවලිය පවත්වාගෙන යාමට අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගෙන යන වැඩපිළිවෙල අපි අගය කළ යුතුයි.

පාස්කු ප්‍රහාරයෙන් පසු ලංකාවේ සංචාරක කර්මාන්තය බිද වැටුනා. ඉන්පසු කොවිඩ් වසංගතය හේතුවෙන් සංචාරක කර්මාන්තය තවදුරටත් පහළට ඇද වැටුනා. මේ නිසා ලංකාවේ ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කළා. වත්මන් රජය බලයට පත්වන විට විදේශ විනිමය සංචිතද අයහපත් මට්ටමක තිබුණා. එවැනි ආර්ථිකයක් භාර ගත් වත්මන් රජය අද කොවිඩ් වසංගතයට මුහුණ දෙමින් සිටිනවා. මේ නිසා ඇතිවූ ආර්ථික බලපෑම්වලට මුහුණ දීමට අපට සිදුව තිබෙනවා. කොවිඩ් වසංගතය අපේ රටට පමණක් සීමා වූ කාරණයක් නොවේ. මේ නිසා පවතින ආර්ථික තත්ත්වය පිළිබඳව අවබෝධයෙන් යුතුව හා වගකීමෙන් රජය කටයුතු කරනවා.

කොවිඩ් වසංගතය හේතුවෙන් මිය ගිය වැඩි පිරිසක් වයස අවුරුදු 60 ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්. ඔවුන් ආරක්ෂා කර ගැනීම සඳහා වයස අවුරුදු 60 වැඩි පිරිස් එන්නත්කරණයට විශේෂ වැඩපිළිවෙලක් සකස් කර තිබෙනවා. ඒ අනුව එන්නත්කරණය සඳහා යොමු වෙන්න කියලා ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගෙන් අපි ඉල්ලා සිටිනවා.

කොවිඩ් 19 වසංගතය පාලනය සඳහා ලෝකයේ සියලුම රටවල් එන්නත්කරණයට ප්‍රමුඛතාවය දී ඇති අතර අපි ද ඒ සඳහා ප්‍රමුඛතාවය දෙමින් කටයුතු කරනවා. නිරෝධායන ඇදිරි නීති කාල සීමාව තුළ මෙන්ම ඉන් පසුවත් අපි සියලු දෙනා ඉතා ඕනෑකමින් කටයුතු කරමින් වසංගතය පැතිර යාම වැලැක්වීමට කටයුතු කළ යුතුයි. එසේ නොවුනහොත් සෞඛ්‍ය හා ආරක්ෂක අංශ සිදුකරනු ලබන කැපවීමෙහි ප්‍රතිඑලයක් නොමැති වනු ඇත. රටේ ආර්ථිකයද කඩා වැටෙනු ඇත. ඒ නිසා අපි සියලු දෙනා වගකීමෙන් කටයුතු කළ යුතු බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.

lankacnews

No comments

Ads Place