Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

’’සෞඛ්‍ය අංශ කියන ඕනැම වේලාවක පාසල් අරින්න සූදානම්’’

  සෞඛ්‍ය අංශවලින් කොළ එළිය ( ග්‍රීන් ලයිට්) දැල්වුණු වහාම පාසල් විවෘත කිරීමට සූදානම් යැයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා ම...

 


සෞඛ්‍ය අංශවලින් කොළ එළිය ( ග්‍රීන් ලයිට්) දැල්වුණු වහාම පාසල් විවෘත කිරීමට සූදානම් යැයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි.


පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සමඟ සාකච්ඡා අරඹා ඇතැයිද හෙතෙම සඳහන් කළේය.


මේ සාකච්ඡාවෙන් පසු පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් සැලැස්මක් අධ්‍යාපන ඇමැතිවරයාට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව පැවසූ අධ්‍යාපන ලේකම්වරයා කොරෝනා වසංගතය පවතිද්දී පසුගිය කාලයේදී පාසල් විවෘත කිරීමට යොදාගත් ක්‍රමවේදයද මේ දිනවල සමාලෝචනය කරගෙන යන බවත් පැවසුවේය.


ගුරුවරුන්ගෙන් සියයට 88 කට පමණ කොවිඩ් මර්දන එන්නතේ පළමු මාත්‍රාව ලබාදී අවසන් කර ඇති බවත් කෑගල්ල , අම්පාර,පුත්තලම ,වව්නියාව යන ප්‍රදේශවල ගුරුවරුන්ට දෙවෙනි එන්නත් මාත්‍රාව ලබාදීමට මේදිනවල කටයුතු කරගෙන යන බවත් මහාචාර්ය කපිල පෙරේරා මහතා කීවේය.

lankadeepa

No comments

Ads Place