Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්මේ ඇවිදින මංතීරුවට මුදල් ප්‍රතිපාදන වෙන් කළ හැටි හෙළිවෙයි

පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්මේ කොටසක ඇවිදින මංතීරුවක් ඉදිකිරීම සඳහා මුදල් ප්‍රතිපාදන වෙන් කළේ වගකිවයුතු ආයතන සමග සාකච්ඡාවකින් පසු...


පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්මේ කොටසක ඇවිදින මංතීරුවක් ඉදිකිරීම සඳහා මුදල් ප්‍රතිපාදන වෙන් කළේ වගකිවයුතු ආයතන සමග සාකච්ඡාවකින් පසුව බව නාගරික සංවර්ධන අධිකාරිය පවසනවා. 


එම අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් උදය නානායක්කාර පැවසුවේ වැව් බැම්මේ ආරක්ෂාව සහ වැව් බැම්ම මත ගමන් කරන පදිකයින්ගේ ආරක්ෂාව ද සැලකිල්ලට ගනිමින් එම ව්‍යාපෘතිය සඳහා යෝජනාව ඉදිරිපත් වූ බවයි. 


කිලෝමීටර් එකහමාරක් පමණ දිගින් යුත් යෝජිත මංතීරුවේ මීටර් 20 ක කොටසක් සකස් කර ඒ පිළිබඳ අවසන් තීරණයක් ගැනීමට යෝජනා කළ ද ඒ සඳහා ද ව්‍යාපෘතියට විරුද්ධ පාර්ශව එකග නොවූ බව නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා

nethnews

No comments

Ads Place