Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රන්ජන්ට සමාව දෙන්න සූදානම්.. ඊට පෙර සමාව ගන්නැයි පණිවුඩයක්..

  වසර හතරක බරපතළ වැඩ ඇතිව සිර දඬුවම් ලබා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට ජනාධිපති සමාව ලබා දීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොම...


 වසර හතරක බරපතළ වැඩ ඇතිව සිර දඬුවම් ලබා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට ජනාධිපති සමාව ලබා දීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව ඇත.

බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සඳහන් කරන්නේ තමන් අතින් සිදුවූ වැරැද්ද සම්බන්ධයෙන් සමස්ත විනිසුරුවන්ගෙන්ම රන්ජන් රාමනායක සමාව ගත යුතුව ඇති බවයි.

තමන් කළ වරද සම්බන්ධයෙන් සමාව ගැනීමක් සිදු කළහොත් ඔහුට සමාව ලබා දීම පිළිබඳව ජනාධිපතිවරයාගේ අවධානය යොමු වීමට ඉඩ ඇති බවද ඒ මහතා කියා සිටියේය.

රන්ජන් රාමනායකට සමාව ලබා දීමට පියවර ගන්නා ලෙස විද්වතුන්, සිවිල් පුරවැසියන් නළු නිළියන් ඇතුළු බොහෝ පිරිසක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇති බැවින් ඒ සදහා අවශ්‍ය පියවර ගන්නා ලෙස විපක්ෂ නායකවරයා ද ඊයේ ජනාධිපතිවරයාට දෙවැනි වරට ද ඉල්ලීමක් කර තිබිණි.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත රන්ජන් රාමනායකට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වසර 4කට බරපතළ වැඩ ඇතිව සිර දඬුවම් ලබා දී දැනට අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයයේ රදවා සිටී.

lankacnews

No comments

Ads Place