Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

උ/පෙළ – සා/පෙළ සිසුන්ට දෙන්න තිබූ ෆයිසර් හම්බන්තොටට යැව්වේ ඇයි – රවි කුමුදේශ

 රටේම සිටින උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ ශිෂ්‍යයින් ඉලක්ක කරගෙන ෆයිසර් එන්නත ලබාදීමේ හැකියාව තිබියදී එම එන්නත් හම්බන්තොටට යැව්වේ කුමන විද්‍යාත්ම...


 රටේම සිටින උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ ශිෂ්‍යයින් ඉලක්ක කරගෙන ෆයිසර් එන්නත ලබාදීමේ හැකියාව තිබියදී එම එන්නත් හම්බන්තොටට යැව්වේ කුමන විද්‍යාත්මක පදනමකින් ද යන්න පැහැදිලි කරන ලෙස බලධාරීන්ගෙන් විමසන බව රසායනාගාර විද්‍යාඥයින්ගේ සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පැවසීය.


ෆයිසර් එන්නත ලෝකයේ වැඩි පිළිගැනීමට ලක්ව ඇති බවත් මෙම එන්නත සාමාන්‍ය පෙළ හා උසස් පෙළ සිසුන්ට ලබාදීම තුළින් ඔවුන්ට වැඩිදුර අධ්‍යාපනය සඳහා විදෙස්ගත වීමකදී පවා එය සැලකිල්ලට පාත‍්‍ර වන බවත් කුමුදේශ් මහතා කීවේය.


මෙම එන්නත් කොපමණ ගෙනාවාද? කොපමණ පවතිනවාද කියා සෞඛ්‍ය අංශවත් දැනුවත් නැතැයි ද කී ඒ මහතා මෙම එන්නත් හමුදාව සතුව පැවතීම එයට හේතුව බව ද කීය.


සෞඛ්‍ය අංශවල පවතින අඩුපාඩු සම්බන්ධයෙන් වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජයරුවන් බණ්ඩාර මහතා අදහස් ප‍්‍රකාශ කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා බිය ගැන්වීම් සිදුකරන බවත්, විය යුත්තේ ඔහුව බිය ගැන්වීම නොව ඔහු ප‍්‍රකාශ කළ කරුණු සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කර වගකිවයුතු පාර්ශ්වවලට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කිරීම බවත් කුමුදේශ් මහතා වැඩිදුරටත් පැවසීය

devaina

No comments

Ads Place