Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කුඩා සිතුල්පව්ව නිධන් සොරකමේ මහා මොළකරු ‘සොත්ති රණා’

  ඓතිහාසික සිතුල්පව්ව රජමහා විහාරයට අයත් කුඩා සිතුල්පව්ව චෛත්‍ය කොන්ක‍්‍රීට් කපන යන්ත‍්‍ර යොදාගෙන හාරා නිධන් වස්තු සොරාගත් බව කියන සංවිධානාත...

 


ඓතිහාසික සිතුල්පව්ව රජමහා විහාරයට අයත් කුඩා සිතුල්පව්ව චෛත්‍ය කොන්ක‍්‍රීට් කපන යන්ත‍්‍ර යොදාගෙන හාරා නිධන් වස්තු සොරාගත් බව කියන සංවිධානාත්මක කණ්ඩායමට නායකත්වය දුන් ‘සොත්ති රණා’ නමැත්තා ඇතුළු හත් දෙනකු පොලිසිය විසින් පෙරේදා (02 වැනිදා* අත්අඩංගුවට ගෙන ඊයේ (03 දා* සවස තිස්සමහාරාම මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුන් සියලූ දෙනා ලබන 07 දක්වා රකෂිත බන්ධනාගාර ගතකරන ලෙස තිස්සමහාරාම මහෙස්ත‍්‍රාත් හා අතිරේක දිසා විනිසුරු කාංචනමාලී ගුණසේකර මහත්මිය නියෝග කළාය.


මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ තිස්සමහාරාම අවට පදිංචිකරුවන් වන අලූත් පටබැඳිගේ තුෂාන් ජයලත් නොහොත් සොත්ති රණා, රුමේෂ් අනුරාධ, ඒ. එල්. උවිදු ලක්ෂාන්, එස්. එන්. ප‍්‍රියන්ත, එස්. ඒ. ජයමිණී මංජුල, ඒ. පී. නිමල් ගාමිණී හා ඒ. කේ. ඒ. අමිල නමැති සැකකරුවන් හත්දෙනාය. මෙම නිධන් සොරකම මෙහෙයවූ සොත්ති රණා නමැත්තාට එරෙහිව මිනීමැරුම්, මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු අපරාධ ගණනාවක් සම්බන්ධයෙන් චෝදනා ඇති බව පොලිසිය පවසයි.


පසුගිය 31 වැනිදා රාත‍්‍රියේ මෙම සැකකරුවන් පිරිස කුඩා සිතුල්පව්ව පුදබිමේ පිහිටි පෞරාණික දාගැබක ගර්භය බිඳ එහි තිබූ නිධන් වස්තු ලබාගෙන පසුව දාගැබේ ගර්භය ප්ලාස්ටර් පැරිස් යොදා යළි පිළිසකර කරමින් සිටියදී විහාර භූමියේ ආරක්ෂාවට යොදවා සිටි හමුදා නිලධාරියකු විසින් සැකකරුවන් දැක වහා ඔවුන්ගෙන් ප‍්‍රශ්න කිරීමට යෑමේදී එහි සිටි සැකකරුවන් පලාගොස් තිබිණි. එක් සැකකරුවකු පමණක් අත්අඩංගුවට ගෙන පොලිසියට භාරදීමට හමුදා නිලධාරියා සමත්වී තිබිණි.


සිද්ධිය පිළිබඳව අනාවරණය වීමත් සමග පුරාවිද්‍යා නිලධාරීන් කණ්ඩායමක් හා තංගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රවීන්ද්‍ර අඹේපිටිය හා සහකාර පොලිස් අධිකාරී ජයශාන්ත ද සිල්වා යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි කිරින්ද හා තිස්සමහාරාම පොලිස් ස්ථානවල නිලධාරීන් ඇතුළු පොලිස් නිලධාරීන් කණ්ඩායම් කිහිපයක් අංශ කිහිපයක් යටතේ සැකකරුවන් සොයා විමර්ශන ආරම්භ කර තිබිණි.


එහි ප‍්‍රතිඵලයක් ලෙස අත්අඩංගුවට පත්ව සිටි සැකකරුගෙන් ලද තොරතුරුවලට අනුව සිදුකළ විමර්ශනවලදී තිස්සමහාරාම පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති එල්. ජී. නිමල් මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායම විසින් 01 වන දින සවස මෙම නිධන් කැණීම සඳහා පුද්ගලයන් ප‍්‍රවාහනය කළ බව කියන හයිලක්ස් වර්ගයේ ගැබ් රථය සමග ගඟසිරිපුර, තිස්සමහාරාම පදිංචි 37 හැවිරිදි අමිල නැමැත්තා අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට පත් සැකකරුගේ බිරිඳ දකුණු පළාතේ භූ විiා හා පතල් කැණීම් කාර්යාංශයක සේවය කරන බවත්, සැකකරුගේ බාල සහෝදරයෙකු වනජීවී දෙපාර්තමේන්තුවේ සේවය කරන බවත් අනාවරණය වී තිබේ.


පොලිස් ප‍්‍රශ්න කිරීම් හමුවේ සැකකරුවන් මේ වනවිට පවසා ඇත්තේ දාගැබේ ගර්භය හෑරුවද එහි තිබී කිසිදු නිධන් වස්තුවක් ලබා ගැනීමට නොහැකිවූ බවයි. පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් අනුර මනතුංග, හම්බන්තොට දිස්ත‍්‍රික් පුරාවිද්‍යා සහකාර අධ්‍යක්‍ෂිකා වසන්තී අලහකෝන් මහත්මිය ඇතුළු පුරාවිද්‍යා නිලධාරීන් කණ්ඩායමක්ද සිද්ධිය වූ ස්ථානයට පැමිණ පරීක්‍ෂණ ආරම්භ කළහ. සිද්ධිය පිළිබඳව තංගල්ල කොට්ඨාශභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රවීන්ද්‍ර අඹේපිටිය හා සහකාර පොලිස් අධිකාරී ජයශාන්ත ද සිල්වා ඇතුළු පොලිස් නිලධාරීන් කණ්ඩායමක්ද සිද්ධිය වූ ස්ථානයට පැමිණ නිරීක්‍ෂණය කළහ. සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හා සිද්ධිය පිළිබඳව තොරතුරු අනාවරණය කර ගැනීමට පොලිස් කණ්ඩායම් කිහිපයක්ද පත් කෙරුණු අතර එහි ප‍්‍රතිඵලයක් ලෙස මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.


දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රාජිත ශ‍්‍රී දමින්ද මහතාගේ උපදෙස් මත විමර්ශන පැවැත්වේ.

devaina

No comments

Ads Place