Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මවුලවිවරුන් ඇතුළු පාස්කු ප්‍රහාරයේ විත්තිකරුවන් විසිපහකට සිතාසි!

 කතෝලික දේවස්ථාන හා තරුපහේ හෝටල් ඉලක්ක කරගෙන එල්ල කරන ලද මරාගන්න මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවකින් පුද්ගලයින් 300කට අධික පිරිසක් මරා දමා ...


 කතෝලික දේවස්ථාන හා තරුපහේ හෝටල් ඉලක්ක කරගෙන එල්ල කරන ලද මරාගන්න මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවකින් පුද්ගලයින් 300කට අධික පිරිසක් මරා දමා තවත්  තුන්සියයකට අධික පිරිසකට බරපතළ තුවාල කළ බවට චෝදනා ලැබ සිටින මවුලවිවරුන් ඇතුළු විත්තිකරුවන් විසි පස් දෙදෙනකුට ලබන ඔක්තෝබර් 4 වෙනිදා වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද 13 සිතාසි නිකුත් කළේය.


නීතිපතිවරයා විසින් ගොනු කරන ලද මෙම නඩුව සලකා බැලූ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විත්තිකරුට එරෙහි අධි චෝදනා පත්‍ර භාර දීම සඳහා ඔවුන්ට අධිකරණය හමුවේ පෙනී පෙනී සිටින ලෙස නියම කරමින් මෙලෙස සිතාසි නිකුත් කළේය.


මෙම නඩුව විභාග කිරීම සඳහා අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විසින් පත්කරන ලද මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත ( සභාපති ) අමල් රණරාජා සහ නවරත්න මාරසිංහ යන මහාධිකරණ විනිසුරුවරුන් ගෙන් සැදුම්ලත් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී එලෙස සිතාසි නිකුත් කළේය.


සමාජයේ මහත් ආන්දෝලනයක් ඇති කළ සිද්ධියක් වූ මෙයට අදාලව ගොනු කළ ගොනුකළ චෝදනා 23,270 කින් යුත් නඩුව විභාග කිරීම සඳහා ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල පත් කරන ලෙස නීතිපති සංජය රාජරත්නම් මහතා අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතාගෙන් කළ ඉල්ලීමක් පිළිගනිමින් මෙම ත්‍රි පුද්ගල ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල පත් කළේය.

noizetv

No comments

Ads Place