Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පොලිස් නිලධාරීන් පත් කිරීම දේශපාලනීකරණය වෙලා.. සෞභාග්‍යයේ දැක්ම අතහැර පිස්සු කෙලිනවා

අද වන විට පොලිස් ස්ථානාධිපතිවරුන් ඇතුළු ඉහළ නිලයන්ට පොලිස් නිලධාරීන් පත්කිරීම දේශපාලනීකරණය වී ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු ම...

අද වන විට පොලිස් ස්ථානාධිපතිවරුන් ඇතුළු ඉහළ නිලයන්ට පොලිස් නිලධාරීන් පත්කිරීම දේශපාලනීකරණය වී ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා සඳහන් කරයි. දේශපාලඥයන් පොලිසියට අත පෙවීම නීතිය හා සාමය රැකීමට විශාල බාධාවක් බවත් මෙම තත්වය ප්‍රජාතන්ත්‍රවාදී රටකට නොගැලපෙන්නක් බවත් ඔහු පෙන්වා දෙයි. මෙවැනි දේට සම්බන්ධ වෙන අය දෙකට බෙදී ඒ ගැන රටම ඇහෙන්න කෑ මොර ගැසීම වඩාත් කණගාටු කාරණාවක් යයිද ඔහු පැවසීය. මෙම ක්‍රමවේදය දැන්වත් වෙනස් කර ජනතාව ඡන්දය ලබාදුන් සිස්ටම් එක ක්‍රියාත්මක කළයුතු බවද කී ඔහු සෞභාග්‍ය දැක්මට පණ දීම දැන්වත් කළ යුතු බවද සඳහන් කළේය. සෞභාග්‍යය දැක්මෙන් මිදී පිස්සු කෙලියොත් ජනතාව ඉදිරියේ දී අපි ගැන ගන්නා තීරණය බොහෝම බරපතල වනු ඇතැයි ද ඔහු තවදුරටත් පැවසීය. ඔහු මෙම අදහස් පළ කළේ අම්බලන්ගොඩ ප්‍රදේශයේ දී පැවති මාධ්‍ය හමුවකදීය.

No comments

Ads Place