Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

විදේශීය මත්පැන් සහ සිගරට් තොගයක් අල්ලයි

නීති විරෝධී ලෙස තීරු බදු නොගෙවා ගෙන්වන ලද විදේශීය මත්පැන් සහ සිගරට් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුව...


නීති විරෝධී ලෙස තීරු බදු නොගෙවා ගෙන්වන ලද විදේශීය මත්පැන් සහ සිගරට් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 


ඒ, රත්මලාන පන්සල පාරේ, පළවෙනි පටුමග ප්‍රදේශයේ කළ වැටලීමකදීයි. 


සින්දා මදර් මොහොමඩ් පස්ලි නැමැති 49 හැවිරිදි සැකකරුගෙන් වැඩිදුර ප්‍රශ්නකිරීමේදී අනාවරණය වී ඇත්තේ මොරටුව ප්‍රදේශය කුලී නිවසක පදිංචිව සිටිමින් මෙම ජාවාරම සිදු කර ඇති බවටයි. 


රුපියල් ලක්ෂ තිහක වටිනාකමින් යුත් නීතිවිරෝධී සිගරට් කාටුන් 150ක් සහ විදේශීය මත්පැන් බෝතල් 105ක් එලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා. 


සැකකරු සතුව තිබී නවීන පන්නයේ මෝටර් රථයක් සහ වයිට් සපයර් වර්ගයේ මැණිකක් ද අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුව ගත් භාණ්වල මුළු වටිනාකම රුපියල් ලක්ෂ හැත්තෑවක් පමණ වන බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ. 


සැකකරු වැඩිදුර විමර්ශණ සඳහා ගල්කිස්ස පොලිස් ස්ථානය වෙත භාරදී තිබෙනවා.

nethnews

No comments

Ads Place