Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ප්‍රීමා පිටි මිල ඉහළ දැමීම අනීතිකයි… වැඩි මිලට මිලදී ගැනීමෙන් වළකින්න…

  පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි. ප්‍රීමා සමාගම විසින් තිරිගු පිටි මිල ඉහළ...

 


පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

ප්‍රීමා සමාගම විසින් තිරිගු පිටි මිල ඉහළ  දැමීම  අනීතිකයි වැඩි මිලට තිරිගුපිටි මිලදී ගැනීමෙන් වළකින්න.

තිරිගු පිටි මිල රුපියල් 12.00 කින් වැඩි කල බවට ප්‍රීමා සමාගම විසින් අද දිනයේ නිවේදනය කල අතර එම නිවේදනය නීති  විරෝධි නිවේදනයක් බව අප සංවිධානය වගකීමෙන් යුතුව ප්‍රකාශ කරමු.

2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු අධිකාරී පනතේ 20(5) වන වගන්තිය යටතේ තිරිගු පිටි සදහා මිල වැඩිකිරීමක් සිදුකරන්නේ නම් පාරිභෝගික කටයුතු අධිකාරියේ නිසි අවසරයක් ලබා ගතයුතුය. ඒ බව දැනුම්දෙමින් 2016 ජූලි 14  වන දින  අංක 1975/68 යටතේ අතිවිශේෂ ගැසට්පත්‍රයක් නිකුත්කොට ඇත. මේ වන විටත් පාරිභෝගික කටයුතු අධිකාරිය තිරිගු පිටි මිල වැඩි කිරීම සදහා ප්‍රීමා ආයතනවයට නිසි අවසරයක් ලබා දී නොමැත. එසේ තිබියදී තිරිගු පිටි මිල වැඩි කිරීම නීති විරෝධිවේ.

එබැවින් සියලුම පාරිභෝගිකයින්ගෙන් අප සංවිධානය ඉල්ලා සිටින්නේ තිරිගු පිටි වැඩි මිලට මිලදී ගැනීම  සිදු නොකරන ලෙසයි. යම්කිසි වෙළෙන්දෙක් තිරිගුපිටි වැඩි මිලට අලෙවි කරන්නේනම් ඒ පිළිබදව පාරිභෝගික අධිකාරියේ අංක 1977 අංකයට පැමිණිලි කරන ලෙස සියලුම පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටිමු.

මීට ඉහත අවස්ථා කිහිපයකදී උක්ත සමාගම විසින් අනීතික ලෙස තිරිගු පිටි මිල වැඩි කිරීමට කටයුතු කලද පාරිභෝගික අධිකාරියේ බලපෑම මත එම මිල වැඩි කිරීම අවලංගු කරන ලදී.  එබැවින් පාරිභෝගික කටයුතු අධිකාරියද තිරිගු පිටි වැඩි මිලට අලෙවි කරන වෙළෙන්දුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළයුතුය.

තිරිගුපිටි කිලෝ එකක්  විකිණිය හැකි උපරිම සිල්ලර මිල රුපියල් 87.00 කි

මීට විශ්වාසී,
රංජිත් විතානගේ
සභාපති
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

lankacnews

No comments

Ads Place