Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අවමගුල් කොරෝනා පොකුරක් පිපේ..

  වවුනියාව ඕලුමඩුව පට්ටෙයිපිරන්දකුලම් ප්‍රදේශයේ නිවසක පැවැති අවමංගල්‍ය කටයුත්තක් සඳහා සහභාවී වූ පුද්ගලයින් 28 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් බවට හ...


 වවුනියාව ඕලුමඩුව පට්ටෙයිපිරන්දකුලම් ප්‍රදේශයේ නිවසක පැවැති අවමංගල්‍ය කටයුත්තක් සඳහා සහභාවී වූ පුද්ගලයින් 28 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් බවට හඳුනාගෙන ඇතැයි වව්නියාව මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය පවසයි.

ඔලුමඩුව, පට්ටේපිරින්දකුලම ගම්මානයේ නිවසක එම අවමංගල්‍ය උත්සවය පසුගිය 24වනදා පවත්වා ඇති අතර ඒ සඳහා සහභාගී වූ පුද්ගලයින් 30 දෙනාගෙන් මෙලෙස 28 දෙනෙකුම කොවීඩ් ආසාදිතයින් බවට හඳුනාගෙන ඇත.

අවමංගල්‍ය උත්සවය පැවති නිවසේ පුද්ගලයින් දෙදෙනෙකුට හදිසියේ ඇතිවූ උණ තත්ත්වයක් මත වවුනියාව පුලියන්කුලම රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව සිදුකරන ලද පී.සී.ආර්. පසුව පරීක්ෂණයෙන් ඔවුන් කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගැනුණි.

පසුව අනාවරණය කරගත් තොරතුරු මත අදාළ නිසසේ පැවති අවමංගල්‍ය උත්සවය සඳහා එක්වී සිටි පුද්ගලයින් 30 දෙනෙකුට ඇන්ටිජන් පරීක්ෂණ සිදුකර තිබූ අතර එහිදී මුල් දෙදෙනොද සමගින් මෙම ආසාදිතයින් 28 දෙනා හඳුනාගෙන ඇත.

මේ අනුව අදාල ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් සොයා තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මක බවද ඔවුන් සොයා නිරෝධායනය කිරීමට පියවර ගෙන ඇතැයිද වව්නියාව මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් වැඩිදුරටත් පැවසීය.

lankacnews

No comments

Ads Place