Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ණය සහන දෙසැම්බර් 31 තෙක් දිර්ඝ කරයි

 කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ව්‍යාපාර සහ පුද්ගලයන් සඳහා සලසා ඇති ණය සහන ලබන දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කිරීමට රජය පියවර ගෙන ඇ...


 කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ව්‍යාපාර සහ පුද්ගලයන් සඳහා සලසා ඇති ණය සහන ලබන දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කිරීමට රජය පියවර ගෙන ඇත.


මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු ‌වෙත උපදෙස් ලබා දෙමින් 01 වැනිදා  නව චක්‍රලේඛයක් ද  නිකුත් කර ඇත.


කොවිඩ් -19 වසංගත තත්ත්වයේ නව ව්‍යාප්තිය හමුවේ පීඩාවට පත් බොහෝ පාර්ශවයන්ගේ ඉල්ලීම් සලකා බැලීමෙන් පසු මෙම දීර්ඝ කිරීම සිදු කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව කියා සිටී.


තවද, කොරෝනා වසංගතය හේතුවෙන් පීඩාවට පත් වූ ව්‍යාපාර සහ පුද්ගලයින් සඳහා බලපත්‍රලාභී බැංකු විසින් ඔවුන්ගේ ඉල්ලීම පරිදි ලබා දෙන ණය සහන ,මෙම නවතම චක්‍රලේඛනය යටතේ ලබා දෙන ප්‍රතිලාභ වලට වඩා අඩු නොවන පරිදි අතිරේක සහන ලබා දිය හැකි බව ද මහ බැංකුව වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු ‌වෙත දන්වා ඇත.

lankadeepa

No comments

Ads Place