Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

IDH එන අයගෙන් 85%කට කොරෝනා.. වෛරස ප‍්‍රමාණය අධිකයි.. ඩෙල්ටා යයි සැක..

  මේ දිනවල ජාතික බෝවන රෝග විද්‍යායතනයේ බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ගැනීමට පැමිණෙන පුද්ගලයන්ගෙන් 85% ක් පමණ කොරෝනා ආසාදිත ලෙස හඳුනා ගන්නා බව...

 


මේ දිනවල ජාතික බෝවන රෝග විද්‍යායතනයේ බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ගැනීමට පැමිණෙන පුද්ගලයන්ගෙන් 85% ක් පමණ කොරෝනා ආසාදිත ලෙස හඳුනා ගන්නා බව එම රෝහලේ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සඳහන් කරයි.

හඳුනාගන්නා ආසාදිතයන්ගේ පවතින වෛරස් ධාරිතාව ඉහළ බව ද ඔහු පෙන්වා දෙයි.

එම ආසාදිතයන් ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ නිසා සිදුවන්නක් බව සැක කරන බවත් පවසන ඔහු කොළඹ හා ආසන්න ප්‍රදේශ වල ඩෙල්ටා ප්‍රභේදය පැතිරෙන බවද අනුමාන කළ හැකි යැයි සඳහන් කරයි.

මෙම තත්ත්වය මත රට ඉදිරියේ දී දැඩි අවදානම් තත්ත්වයකට මුහුණ දීමට සිදු වනු ඇතැයි ද ඔහු තවදුරටත් කියා සිටියේය.

වාර්තා වන රෝගීන්ගේ ස්වභාවය දෙස බැලීමේදී තුන්වෙනි රැුල්ලට වඩා දරුණු තත්වයක් ඉදිරියේදී මතු විය හැකි බවත් තව දුරටත් පැවසීය.

lankacnews

No comments

Ads Place