Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

විදේශ ගත වන පුද්ගලයන් සඳහා නව ක්‍රමවෙිදයක්

  විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වන ශ්‍රමිකයින්ට යන ඔවුන් සංක්‍රමණය වන රට අනුව කොවිඩ් මර්දන එන්නත ලබා දෙන බව එම කාර්යාංශය ප්‍රකාශ...

 


විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වන ශ්‍රමිකයින්ට යන ඔවුන් සංක්‍රමණය වන රට අනුව කොවිඩ් මර්දන එන්නත ලබා දෙන බව එම කාර්යාංශය ප්‍රකාශ කරයි.


ඒ අනුව විදෙස්ගත වන ශ්‍රමිකයින්ගෙන් ලියාපදිංචි ගාස්තු ලෙස රුපියල් 16,416ක මුදලක් අය කරගන්නා අතර අදාළ ගාස්තුව ගෙවා ලියාපදිංචි වන පුද්ගලයින් රැකියා සඳහා පිටත්ව යෑමට පෙර ඔහු ගමන් කරන රට අනුව අදාළ එන්නත ලබාදීමට පියවර ගන්නා බවද, එම කාර්යාංශයේ අතිරේක සාමාන්‍යාධිකාරී මංගල රන්දෙණිය මහතා ප්‍රකාශ කළේය.


මුදල් අය කිරීමකින් තොරව ශ්‍රමිකයෙකුට එම ලියාපදිංචිය කාර්යාංශයට ලබා දිය නොහැකි බවත් , එසේම රැකියා සඳහා යන බවට තහවුරු කිරීමක් නොමැතිව ශ්‍රමිකයින් එන්නත්කරණය සදහා යොමු කළ නොහැකි බවද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

nethnews

No comments

Ads Place