Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොරෝනා ඉහල යන්න ගුරු විදුහල්පති විරෝධතා බලපෑවා..

  ගුරු විදුහල්පති ගැටලුවේ සැබෑ ප්‍රශ්නය විසදීමට රජය සූදානම් වුවත් දේශපාලන වුවමනාවන් ඉෂ්ඨ කිරීමට  නොහැකි බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහ...

 


ගුරු විදුහල්පති ගැටලුවේ සැබෑ ප්‍රශ්නය විසදීමට රජය සූදානම් වුවත් දේශපාලන වුවමනාවන් ඉෂ්ඨ කිරීමට  නොහැකි බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

අමාත්‍යවරයා මෙසේ පැවසූයේ මිනුවන්ගොඩදීය.

ගුරු විදුහල්පති වැටුප් විෂමතාවට නිසි විසදුම් ලබාදෙන බව  වත්මන් රජය විපක්ෂයේ සිටියදී  ජනතාවට දුන් පොරොන්දුවක් බව සිහිපත් කළ අමාත්‍යවරයා  සඳහන් කළේ වසර 24 තිස්සේ පවතින මෙම ගැටළුව තවදුරටත් ගැටලුවක් නොවන ලෙස විසදුම් ලබාදීම  ජනාධිපතිවරයාගේ ස්ථාවරය බවයි. ” ජනාධිපතිවරයාගේ ස්ථාවරය ක්‍රියාත්මක කළ යුතු ආකාරය සම්බන්ධයෙන් සොයා බැලීමයි අමාත්‍ය මණ්ඩල අනු කමිටුවෙන් කෙරෙන්නේ. ගුරු විදුහල්පති වැටුප් ප්‍රශ්නය විසඳන්න ආණ්ඩුව ලැහැස්තියි. වසර විසි හතරක් පුරා පවතින මෙම ගැටළුවට නිසි විසඳුම් ලබාදෙන බවට මැතිවරණ වේදිකාවේ ජනතාවට පොරොන්දු වුණේ අපියි. කොවිඩ් ලෝක වසංගත තත්වයට මුහුණදෙන්න නොවුනානම් මේ වන විටත් ජනතාවට දුන් පොරොන්දු වැඩි ප්‍රමාණයක් ඉටු කරලා. මොන අපහසුතා මධ්‍යයේ වුවත්  ලෝක වසංගත තත්ත්වයෙන් ජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා  ගෙනයන වැඩපිළිවෙළ සාර්ථක කරගැනීම  මෙන්ම ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීමට ආණ්ඩුව කටයුතු කරනවා.

ගුරු විදුහල්පති වැටුප් ප්‍රශ්නයට අදාළ  සැබෑ ප්‍රශ්නය විසඳන්න ආණ්ඩුව සූදානම්. නමුත් දේශපාලන වුවමනාවන් මත සිදුකෙරෙන දේවල් විසඳන්න අමාරුයි. මේ ප්‍රශ්නය ඇතුලෙ තියෙන දේශපාලන උවමනාව ඉෂ්ට කරන්න නම්  ආණ්ඩුව ලැහැස්ති නැහැ.

මුලින්ම කොතලාවල විශ්ව විද්‍යාලයට එරෙහිවයි උද්ඝෝෂණය කළේ. ඊට පස්සේ ස්ටාලින් නිරෝධානය ට යොමු කිරීමට එරෙහිව අරන් ගිය වැඩපිළිවෙළ අවසානයේ  දේශපාලන වාසි ලබා ගැනීම සඳහා දඩමීමා කර ගැනීමක් සිදු වුණා. කොවිඩ් රෝගීන් වාර්තා වීම වැඩි වීමටත් මේ උද්ඝෝෂණ බලපෑවා. ගුරුවරුන්ටත් විදුහල්පතිවරුන්ට තිබුණු සැබෑ ප්‍රශ්නයක්  දේශපාලන උවමනාවන්  සැබෑ කර ගැනීම සඳහා යොදා ගත්තා. ගුරුවරුන්ට එරෙහිව සමාජ මාධ්‍ය භාවිතා වන ආකාරයකට මේ තත්ත්වය වර්ධනය වුණා. මේ ප්‍රශ්නයට දේශපාලන මුහුණුවරක් දීලා ආණ්ඩුව අපහසුතාවයට පත් කරන්න උත්සාහ කරපු අය අද එකිනෙකාට චෝදනා කර ගන්නවා. ගුරුවරුන් විදුහල්පතිවරුත් මේ වෙනකොට ඇත්ත හඳුනාගෙන තිබෙනවා. මේ අසීරු අවස්ථාවේ දරුවන් බිල්ලට නොදී කටයුතු කිරීම  ගුරුවරුන්ගේ වගකීමක්.” යැයි ද අමාත්‍යවරයා පැවසීය.

lankacnews

No comments

Ads Place