Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොරෝනා නැතැයි කියා ගෙදර එවූ අයෙක් මිය යයි.. දෙවන පරීක්‍ෂණයෙන් කොරෝනා…

  කරාපිටියේ රෝහලට පැමිණි අධික කැස්ස සහ උණ රෝග තත්ත්වයන් සහිත පිරිමි පුද්ගලයෙකු කොරෝනා ආසාදිත නැතැයි පවසමින් නිවසට යවා තිබියදී එදිනම රාත්‍රිය...


 කරාපිටියේ රෝහලට පැමිණි අධික කැස්ස සහ උණ රෝග තත්ත්වයන් සහිත පිරිමි පුද්ගලයෙකු කොරෝනා ආසාදිත නැතැයි පවසමින් නිවසට යවා තිබියදී එදිනම රාත්‍රියේ ඔහු මියගොස් තිබේ.

පසුව ඔහුට කරන ලද PCR පරීක්ෂණයකින් කොරෝනා ආසාදිත යයි තහවුරු වී ඇත.

ගාල්ල නාගරික හදිසි මරණ පරීක්ෂකවරයා පැවසුවේ මෙසේ මියගොස් ඇත්තේ ගාල්ල යක්කලමුල්ලේ පදිංචි හතළිස් පස් හැවිරිදි දෙදරු පියකු බවයි.

අධික කැස්ස හා උණ දිගින් දිගටම පැවතීම හේතුවෙන් පසුගිය 6 වැනිදා ඔහු කරාපිටිය ශික්ෂණ රෝහලට ගොස් තිබෙන අතර එහිදී සිදුකළ ඇන්ටිජන් පරීක්ෂණයකින් කොරෝනා ආසාදිතයෙකු නොවන බව පවසා තිබේ.

ඒ අනුව බාහිර රෝගී අංශයෙන් ඖෂධ රැගෙන නිවසට ගිය ඔහු නිවසේ වෙනම කාමරයක රැඳී සිටියදී එදින රාත්‍රියේ අසාධ්‍ය තත්ත්වයට පත් වී ඇත.

යලිත් ඔහු කරාපිටිය රෝහලට ගෙන ආවද ඒ වන විටද ඔහු මියගොස් තිබිණි.

එහිදී සිදුකළ PCR පරීක්ෂණයකින් කොරෝනා ආසාදිත යයි හෙළි වී තිබේ.

lankacnews

No comments

Ads Place