Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රුසියාවේ ලෙනින් දරුවන්ට හොදම දේ දෙන්න කිවුවා.. ලංකාවේ ස්ටාලින් දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කරනවා..

  හොදම දේ දරුවන්ටයි කියලා රුසියාවේ ලෙනින් කිවුවට ලංකාවේ ඉන්න ස්ටාලින් වර්ජන කරලා දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කරනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ...


 හොදම දේ දරුවන්ටයි කියලා රුසියාවේ ලෙනින් කිවුවට ලංකාවේ ඉන්න ස්ටාලින් වර්ජන කරලා දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කරනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ ගුරු ගැටළුවට විසදුම් දෙන බව දැන දැන මේ වෘත්තීය සමිති පාරට බහින්නෙ ඒ අය නිසා ඉල්ලිම් දිනා ගත් බව ගුරුවරුන්ට පෙන්නන්න’ යයි ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායකල මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.

අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මෙම අදහස් පලකලේ මහාමාර්ග අමාත්‍යාංශයේ පැවති රැස්වීමකින් අනතුරුව මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිලිතුරු වශයෙනි.

කොවිඩ් වසංගත තත්වය නිසා පාසල් වහලා තියෙනවා.නමුත් ගුරුවරුන්ට හැකි විදියට කැපවීමෙන් දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ඇප කැපවී වැඩ කලා.නමුත් වෘත්තීය සමිති හා සියයට තුනේ පක්ෂයක අය සමස්ත ගුරුවරුන් වගේම දරුවන්ගේ අධ්‍යාපනය අනතුරේ හෙලලා තියෙනවා. ඒ වගේම උද්ඝෝෂණ වලට ගුරුවරු පාරට බස්සලා ඔවුන්ගේ ජීවිත වගේම දරුවන්ගේ අධ්‍යාපනයත් කඩාකප්පල් කරලා තියෙනවා.

මේ සියයට තුනේ පක්ෂය දරුවන්ගෙ අධ්‍යාපනය කඩාකප්පල් කරපු පලවෙනි අවස්ථාව නෙවෙයි. ඉතිහාසයේ කැරලි ගහලා කීදෙනෙක් විනාස කලාද විදුහල්පතිවරු විශ්ව විද්‍යාල ආචාර්‍ය්වරු ගුරුවරු විශ්ව විද්‍යාල සිසුන් පාසැල් සිසුන් කීදෙනෙක් මරලා දැම්මද. බලහත්කාරයෙන් ශිෂ්‍යයින් ඔවුන්ගේ දේශපාලන ව්‍යාපාරයට අරන් ගිහින් නැති කලාද.දෙමාපියන් කී දෙනෙක්ට දරුවන් නැති කලාද. දරුවන් කී දෙනෙකුට දෙමාපියන් නැති කලාද.ඒ කාලෙ මිනී කන්නන්ගේ දේශය කියලා අන්වර්ථ නාමයකුත් හැදිලා තිබ්බනෙ.

ජනාධිපතිතුමා අගමැතිතුමා ප්‍රමුඛ ආණ්ඩුව ගුරු වැටුප් විෂමතා වලට විසදුම් ලබාදෙනවා කියලා පැහැදිලිව කිවුවා. මේ වැටුප් විෂමතා ප්‍රශ්නය වසර විසිහතරක් තිස්සේ තිබුණු ගැටලුවක්.මේ ආණ්ඩුව තව වසර හතරක් තියෙනවා ඊට පස්සෙ එන්නෙත් අපිම තමයි අපි මේ ගැටළු විසඳනවා.වෙන ආණ්ඩුවකට ඉතිරි කරන්නෙ නෑ මේ ප්‍රශ්නය. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මේ ගැටළුවට විසදුම් දෙනවා කියලා දැන දැනත් මේ වෘත්තීය සමිති පාරට බහිනවා.ඒ මේ ගැටළු වලට විසදුම් ලැබුණෙ ඔවුන් කියලා පෙන්නන්න. පහුගිය යහපාලන කාලෙ කටක් ඇරියෙ නෑ. මෙහෙම පාරට බැස්සෙත් නෑ.දන්නවා ඒ ආණ්ඩු කාලෙ කිසිම දෙයක් කර ගන්න බෑ කියලා. හැබැයි අපේ ජනාධිපතිතුමා විසදුම් දෙන්න හදනකොට මෙන්න පාරට බැහැලා කොවිඩ් අස්සෙ බෝඩ් එල්ලගෙන.මතක තියා ගන්න මේ වෘත්තීය සමිතිවත් සියයට තුනේ අයවත් හින්දා නෙවෙයි ගුරු ප්‍රශ්නෙට විසදුම් දෙන්නෙ. කොවිඩ් වසංගතයෙන් ලෝකෙම බැටකාලා ඉන්නකොට කිසිම වගකීමක් නැතුව පාරට බැහැලා විසදුම් පෙනි පෙනී උද්ඝෝෂණය කරන එක ඉතාමත්ම නරක දෙයක් කියලා දකින්නෙ.

මේ විදියට ගුරුවරු පාරට බස්සලා වෘත්තීය සමිති හා සියයට තුනේ පක්ෂය කරන්නෙ රටේ ලක්ෂ 220ක් වූ සමස්ත ජනතාවම අනතුරේ හෙලන එක. මේ අය හදන්නෙ හතරවෙනි රැල්ලක් හදන්න.රට විවෘත කරන්න යනකොටම පටන් ගන්නවා උද්ඝෝෂණ. ඊට පස්සෙ කොවිඩ් හදාගෙන ඒවා ගෙදරට ගෙනියලා දරුවන්ටත් බෝ කරලා සමාජෙටත් පතුරවලා රටටම බෝ කරලා ආණ්ඩුවට බනින එක කරන්නෙ. එහෙම කරන්න එපා රටක් විදියට හිතන්න පක්ශ වල වෘත්තීය සමිතිවල ගොඩ වැඩි කර ගන්න බලන්නෙ නැතුව.

කොවිඩ් වසංගත තත්වය නිසා ලෝකයම අමාරු අවස්ථාවක ඉන්නකොටත් අපි ගුරුවරුන්ගේ වේතන ගෙව්වා. දීමනා දුන්නා රජජේ සේවකයින්ගේ වේතන දුන්නා. ලංකාවෙ දරුවන්ගෙ අධ්‍යාපනය අනාගතය ප්‍රාණ ඇපයට අරගෙන පටු දේශපාලනය කරන්න එපා කියලා මේ වෘත්තිය සමිතිවලටයි මේවාට උඩගෙඩි දෙන දේශපාලන පක්ෂ වලට මතක් කරන්න කැමතියි. දෙමාපියන්ගෙ ලොකුම හීනෙ දරුවන්ට හොද අධ්‍යාපනයක් ලබා දෙන එක.ඒ ලස්සන් හීනෙට දේශපාලන පටු අරමුණු කියන තුවක්කු වලින් වෙඩි තියලා විනාශ කරන්න එපා කියලා මම කියන්න කැමතියි.

ඇත්තටම මේ වගේ වෙලාවක පොදිකකා උද්ඝෝෂණය කරන්න අවශ්‍ය නෑ. ඒ වෙලාවත් දරුවන්ගෙ අධ්‍යාපනය වෙනුවෙන කැප කරනවානම් ඒක වෘත්තිය සමිති වගේම මේ උද්ඝෝෂණ පිටිපස්සෙ ඉන්න දේශපාලන පක්ෂ කරගන්න ලොකු පිනක්.

රුසියාවේ ලෙනින් දරුවන්ට හොදම දේ දෙන්න කිවුවා. ලංකාවේ ස්ටාලින් දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කරනවා.

මාධ්‍ය ඒකකය
මහාමාර්ග අමාත්‍යාංශය

lankacnews

No comments

Ads Place