Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

නිදහස අයුතු ලෙස භාවිතයට ගැනීමෙන් සියලු දෙනාටම බරපතල ගැටලුවලට මුහුණ දීමට සිදුවේවි - සෞඛ්‍ය බලධාරීන් අනතුරු අඟවයි

ලබාදී ඇති නිදහස අයුතු ලෙස ප්‍රයෝජනයට ගැනීමෙන් නිවෙස්වල හෝ වෙනත් කිසිදු ස්ථානයක සිදුකරනු ලබන පුද්ගල ඒකරාශීවීම්, සාද හරහා ඉදිරියේදී සියලු දෙනා...


ලබාදී ඇති නිදහස අයුතු ලෙස ප්‍රයෝජනයට ගැනීමෙන් නිවෙස්වල හෝ වෙනත් කිසිදු ස්ථානයක සිදුකරනු ලබන පුද්ගල ඒකරාශීවීම්, සාද හරහා ඉදිරියේදී සියලු දෙනාට බරපතල ගැටලුවලට මුහුණදීමට සිදුවෙනු ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් ප්‍රකාශ කර සිටිනවා.


අද පැවති මාධ්‍ය සාකච්ජාවක් අතරවාරයේදී මාධ්‍යවේදියෙකු නැගු පැනයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව ප්‍රකාශ කර සිටියා.


" නිවෙස් තුල හෝ ඉන් පිටත අනවශ්‍ය ලෙස ඒකරාශීවීම් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අවසර ලබාදීමක් හෝ එසේ එකතුවිය හැකි පුද්ගලයින් ගැන සඳහන් කරමින් සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කරලා නැහැ. පුද්ගල දුරස්ථභාවය තබා ගත නොහැකි නිවසක් තුල කිසියම් විශේෂ අවස්ථාවක නම් පවුලේ අය පමණක් එකතුවීම වැළැක්වීම අපට සිදුකරන්න පුළුවන් දෙයක් නෙමෙයි. නමුත් මේ ලබාදී තිබෙන නිදහස අසීමිත ලෙස භාවිතා කිරීම හරහා ඉදිරියේදී සියලු දෙනාට එහි ගැටලුවලට මුහුණ දීමට සිදුවනවා" යැයි ඔහු ප්‍රකාශ කර සිටියා.


මේ අතර ඉදිරියේදී වාර්තා වන කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාවේ වැඩිවීමක් සිදුවිය හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් ප්‍රකාශ කර සිටියා.


ඕනෑම වසංගතයකදී රෝගීන් ගේ උච්ජාවචනයන් සිදුවිය හැකි බවත් නිසි සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීමෙන් මෙම වසංගත තත්ත්වයෙන් ආරක්ෂා වීමට සහ රෝග ව්‍යාප්තිය පාලනය කර ගැනීමට සියලු දෙනාම පියවර ගත යුතු බවයි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

nethnews

No comments

Ads Place