Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අප්‍රිකාවේ කොරෝනා මාරයා ලංකාවට රිංගලා දැයි සොයන්න පරීක්ෂණ

 දකුණු අප්‍රිකාව ඇතුළු රටවල් ගණනාවක පැතිර යන ලොව මෙතෙක් සොයාගෙන ඇති මාරාන්තිකම කොවිඩ් වයිරස ප්‍රභේදය ලෙස සැලකෙන C.1.2 ශ්‍රී ලංකාවටද පැතිර ඇත...


 දකුණු අප්‍රිකාව ඇතුළු රටවල් ගණනාවක පැතිර යන ලොව මෙතෙක් සොයාගෙන ඇති මාරාන්තිකම කොවිඩ් වයිරස ප්‍රභේදය ලෙස සැලකෙන C.1.2 ශ්‍රී ලංකාවටද පැතිර ඇත්දැයි සෙවීමට පරීක්ෂණ පවත්වන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවැසීය.


සියලු කොවිඩ් ප්‍රභේද අභිබවා යමින් ඉහළම විකෘතිතා පෙන්නුම් කරන මෙම නව කොවිඩ් ප්‍රභේදය කොවිඩ් මර්දන එන්නත් මගින් නිෂ්පාදනය කෙරෙන ප්‍රතිශක්තිය පවා අභිබවා යෑමට සමත්වූවක් ලෙස වෛද්‍ය පර්යේෂකයෝ සැක පළ කරති.


කෙසේ වෙතත් C.1.2 නමැති මෙම සැර කොරෝනා වයිරස ප්‍රභේදය මෙරටින් මෙතෙක් හමු වී නැතැයි පැවසූ ජීවන්දර මහතා ඒ පිළිබඳව නිරන්තර අවධානයෙන් පසුවන බවද ප්‍රකාශ කළේය.


මෙම වයිරස ප්‍රභේදය දකුණු අප්‍රිකාවෙන් පළමු වරට සොයා ගැනීමෙන් පසුව එංගලන්තය,චීනය, කොංගෝ,මොරිසස්, නවසීලන්තය, පෘතුගාලය සහ ස්විට්සර්ලන්තය යනාදි රටවලින්ද සොයා ගැනුණු බවත් මෙය ඩෙල්ටා ප්‍රභේදයට වඩා කොපමණ ප්‍රබල දැයි යන්න සම්බන්ධයෙන් ලෝකය පුරා විමර්ශන ආරම්භ වී ඇති බවත් සෞඛ්‍ය අංශ ආරංචි මාර්ග සඳහන් කරයි.


මෙම නව විකෘතිතා සහිත ප්‍රභේදය චීනයේ වූහාන් ප්‍රාන්තයෙන් හමුවූ කොවිඩ් ප්‍රභේදයට වඩා බොහෝ සෙයින් වැඩි යැයි සඳහන් වේ.


එහි විකෘති භාවයේ ප්‍රමාණය සියයට 41.8ක් ලෙස හඳුනාගෙන ඇත.


මෙම මාරාන්තික C.1.2 ප්‍රභේදය පළමු වරට සොයා ගනු ලැබුවේ පසුගිය මැයි මාසයේ දීය.


දකුණු අප්‍රිකාවේ බෝවන රෝග පිළිබඳ ජාතික පර්යේෂණායතනය එම ප්‍රභේදය සොයා ගත්තේය.


මේ අතර ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදය මෙරට පිට පළාත්වලද පැතිර ඇත්දැයි සෙවීමට ලබන සතියේ දී පරීක්ෂණයක් අරඹන බව වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

lankadeepa

No comments

Ads Place