Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ගනුදෙනුවලට ‌නෝට්ටු බෑ – ඕමානය කියයි!

 ඕමානයේ ගනුදෙනුවලට මුදල් නෝට්ටු භාවිතා නොකරන ලෙස ඕමාන් රජය නිවේදනය කර තිබේ. ගණුදෙනුකරුවන්ට මුදල් නෝට්ටු භාවිතා නොකර ගණුදෙනු කිරීමට අවශ්‍ය පහ...


 ඕමානයේ ගනුදෙනුවලට මුදල් නෝට්ටු භාවිතා නොකරන ලෙස ඕමාන් රජය නිවේදනය කර තිබේ.


ගණුදෙනුකරුවන්ට මුදල් නෝට්ටු භාවිතා නොකර ගණුදෙනු කිරීමට අවශ්‍ය පහසුකම් ලබා දෙන ලෙස සියළුම ව්‍යාපාරික ස්ථානවලට ඕමාන් රජය දැණුම් දී තිබෙන බව ඕමාන් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරයි.


2022 ජනවාරි 01 දින සිට ක්‍රියාත්මක කරන බවත්, පළමු අදියරයේදි, කාර්මික ප්‍රදේශ, සාප්පු සංකීර්ණ, වාණිජ ආයතන, තෑගි සාප්පු, ආහාර අලෙවියට සම්බන්ධ සමාගම්, ස්වර්ණාභරණ වෙළඳසැල්, අවන්හල් සහ කැෆේ, පළතුරු සහ එළවළු සාප්පු, ඉලෙක්ට්‍රොනික වෙළඳසැල් සහ ඉදිකිරීම් ද්‍රව්‍ය අලෙවි කරන වෙළඳසැල්වල  සියළුම ගණුදෙනු ආවරණය කරන බව වාණිජ, කර්මාන්ත හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.


ඕමාන මහබැංකුව ආයතන කීපයක් සමඟ එක් ව සියළුම ගණුදෙනු අධ්‍යයනය කරන බව වාර්තා වේ.  

noizetv

No comments

Ads Place