Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සංකූලතා නොමැති දිවයිනේ සියලු කොරෝනා රෝගීන්ට නිවෙස් තුළදී ප්‍රතිකාර කිරීමට අවධානය

සංකූලතා නොමැති අවදානම් කාණ්ඩයට අයත් නොවන කොරෝනා ආසාදිතයින්ට නිවෙස් තුළ ප්‍රතිකාර කිරිමේ වැඩපිළිවෙල ඉදිරියේදී දිවයිනම ආවරණය වන පරිදි ක්‍රියාත...


සංකූලතා නොමැති අවදානම් කාණ්ඩයට අයත් නොවන කොරෝනා ආසාදිතයින්ට නිවෙස් තුළ ප්‍රතිකාර කිරිමේ වැඩපිළිවෙල ඉදිරියේදී දිවයිනම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.  


සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිගේ උපදෙස් පරිදි කොරෝනා ආසාදිතයින් රෝහල්ගත කිරීම ප්‍රමුඛතාවයන් අනුව සිදු කරමින් ආසාදිතයින් වෛද්‍ය අධීක්ෂණය මත නිවෙස් තුළ රැකබලා ගැනීමේ වැඩසටහන ඉකුත් 09වනදා බස්නාහිර පළාතෙන් ආරම්භ වුණා. ඒ අනුව සංකූලතා නොමැති, වයස අවුරුදු 02කට වැඩි 65ට අඩු, අඩු අවදානම්, රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන හෝ සුළු රෝග ලක්ෂණ පෙන්වන ඛාණ්ඩයන්ට අයත් කොරෝනා ආසාදිතයින් වෛද්‍ය අධීක්ෂණය යටතේ රැක බලා ගැනෙනවා.


ඔවුන්ට 1390 කෙටි දුරකතන අංකය ඔස්සේ නිවෙස් තුළ ප්‍රතිකාර සඳහා ලියාපදිංචි වීමටද අවස්ථාව සලසා දී තිබෙනවා. ලියාපදිංචි වන එම පුද්ගලයින්ට දුරකතනය ඔස්සේ විශේෂඥ වෛද්‍යවරුන් ප්‍රමුඛ වෛද්‍යවරුන්ගෙන් වෛද්‍ය උපදෙස් ලබා ගැනීමටද අවස්ථාව සලසා දී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ. 


බස්නාහිර පළාතෙන් ආරම්භ කළ මෙම වැඩසටහන අද දිනයේ රත්නපුර දිස්ත්‍රික්කය තුළද ආරම්භ කෙරුණා. වෛද්‍යවරුන් 1,000කගේ පමණ අධීක්ෂණය යටතේ මෙම වැඩසටහන ක්‍රමානුකූලව දිවයිනම ආවරණ වන පරිදි ඉදිරියේදී ක්‍රියාත්මක කරන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ. 


මෙම වැඩසටහන පිළිබඳව මෙරට සියලු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය පුහුණු කටයුතු අවසන් කර ඇති අතර පූර්ව සීමාවාසික පත්වීම අපේක්ෂාවෙන් සිටින වෛද්‍යවරුන් 426 දෙනෙකුටද පුහුණුව ලබා දී තිබෙනවා. එවැනි තවත් වෛද්‍යවරුන් පිරිසකට ඉදිරියේදී මෙම පුහුණුව ලබා දෙන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ.  


මේ අතර ගර්භණී නිලධාරිනියන් සහ වයස අවුරුදු 01ට අඩු කුඩා දරුවන් සිටින මව්වරුන් සේවයට නොකැද වන්නැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සෞඛ්‍ය හා රෝහල් බලධාරීන්ට දන්වා තිබෙනවා. එහෙත් රටේ පවතින කොරෝනා අවධානම සැලකිල්ලට ගෙන සිය වෘත්තීමය වගකීම අවබෝධ කරගෙන ස්වකැමැත්තෙන් තවදුරටත් සේවයේ යෙදිමට කැමති ගර්භණී නිලධාරිනියන් වෙනුවෙන් අවස්ථාව සලසා දෙන ලෙසයි සෞඛ්‍ය හා රෝහල් බලධාරීන්ට දැනුම් දී ඇත්තේ.


ඒ සඳහා එම ආයතන තුළ කොරෝනා අවධානම නොමැති ස්ථානවල පමණක් අදාල ගර්භනී නිලධාරිනියන් සේවයේ යෙදවීමට අවස්ථාව සලසා දෙන ලෙසයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සෞඛ්‍ය හා රෝහල් බලධාරීන්ට ලිඛිතව දැනුම් දී ඇත්තේ.

nethnews

No comments

Ads Place