Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අනාවරණයෙන් පසු එමීර් රාජ්‍යයේ රැකියාවල යාමට සිටි අයට ස්ථිර විසදුම්

කටුනායක ගුවන් තොටුපළේදී රැපිඩ් පීසීආර් පරීක්ෂණ පහසුකම ලබා ගැනීම එක්සත් අරාබි එමිර් රාජ්‍ය ඇතුලු රටවල් කිහිපයකට පිටත්ව යන ශ්‍රමිකයින් සඳහා අද...


කටුනායක ගුවන් තොටුපළේදී රැපිඩ් පීසීආර් පරීක්ෂණ පහසුකම ලබා ගැනීම එක්සත් අරාබි එමිර් රාජ්‍ය ඇතුලු රටවල් කිහිපයකට පිටත්ව යන ශ්‍රමිකයින් සඳහා අද සිට අවස්ථාව සැලසෙනවා.


රැපිඩ් පීසීආර් පරීක්ෂණ පහසුකම මෙරට තුළ නොමැතිවීම හේතුවෙන් එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ රැකියා සඳහා පිටත්ව යාමට නොහැකිව විශාල පිරිසක් අපහසුතාවට ලක්ව ඇති බව රට හමුවේ පළමුව අනාවරණ කළේ නෙත් නිවුස් ඔස්සේයි. ඒ අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත ගමන් ගන්නා ගුවන් මගීන් හට පහසුකම් සැළසීම සදහා රැපිඩ් පීසීආර් පරීක්ෂණ පරීක්ෂණාගාරයක් කටුනායක ගුවන් තොටුපළ තුළ පරිශ්‍රයේ සිවිල් ගුවන් සේවා සහ ආයෝජන කළාප පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක විසින් අද විවෘත කෙරුණා.


එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පිහිටි ප්‍රාන්ත රාජ්‍ය 07 ක ගුවන් තොටුපළ වෙත පිවිසීමට පැය 04 ක කාලසීමාව තුළ රැපිඩ් පීසීආර් පරීක්ෂණය අනිවාර්ය සිදුකළ යුතු වනවා. එහෙත්  මෙවැනි වෛද්‍ය පරීක්ෂණාගාරයක් මෙතෙක් ශ්‍රී ලංකාවේ නොතිබීම හේතුවෙන් එම රටවල විදෙස් රැකියාවල නිරිතවීමට සූදානම්ව සිටි ශ්‍රී ලාංකිකයින් අපසුතාවන්ට ලක්ව සිටියා.


නෙත් නිවුස් ඒ සම්බන්ධයෙන් ඉකුත් 17 වනදා කළ අනාවරණයෙන් පසු එම පරීක්‍ෂණාගාරයක් කටුනායක ගුවන් තොටුපොලේ ස්ථාපිත කිරීමට බලධාරීන් අවධානය යොමු කළා.


මෙම පරීක්ෂණාගාරය තුළ සිදු කෙරෙන , එක් පරීක්ෂණයක් සදහා රුපියල් 7,500 ක මුදලක් අය කරන අතර , ඒ සදහා පැයක පමණ කාළයක් ද ගත වනවා

nethnews

No comments

Ads Place