Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

Ads Place

“ළමා මෙහෙකාර සේවය නවත්තන්න වහාම පියවර ගන්න” – ළමා ආරක්ෂක ලොක්කන්ට ජනපතිගෙන් නියෝග!

 ළමා මෙහෙකාර සේවය පිළිබඳ අනාවරණය වී ඇති තොරතුරුවලට අනුව ඉන් ඉහළ ප්‍රතිශතයක් වතු ආශ්‍රිත දරුවන් ය. මේ තත්ත්වය වළක්වා ගැනීමට අවශ්‍ය බලතල ග්‍රා...


 ළමා මෙහෙකාර සේවය පිළිබඳ අනාවරණය වී ඇති තොරතුරුවලට අනුව ඉන් ඉහළ ප්‍රතිශතයක් වතු ආශ්‍රිත දරුවන් ය. මේ තත්ත්වය වළක්වා ගැනීමට අවශ්‍ය බලතල ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් ක්‍රියාත්මක විය යුතු බව පෙන්වා දුන් ජනාධිපතිතුමා වතු ආශ්‍රිත පවුල්වල තොරතුරු ග්‍රාම නිලධාරීන් සතු බැවින් යම් නිවසක දරුවෙකු නොමැති බවට ලැබෙන තොරතුරු මත ඒ පිළිබඳව කඩිනමින් ක්‍රියාත්මක වී ළමා මෙහෙකාර සේවය නැවැත්වීමට පියවර ගත යුතු බව ද තව දුරටත් සඳහන් කළේය.


ඒ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය හා රේඛීය ආයතන සමග අද (05) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවති සාකච්ඡාවේ දී ය.

ළමා හා කාන්තා සංවර්ධනය සඳහා “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් විශේෂ අවධානය යොමු කර තිබේ. එය යථාර්ථයක් බවට පත් කරගැනීමට වෙන ම රාජ්‍ය අමාත්‍යාංශයක් ද ස්ථාපිත කෙරිණ.


ළමා හා කාන්තා හිංසනයන් වැළැක්වීමට රාජ්‍ය අමාත්‍යාංශය ගෙනයන වැඩපිළිවෙළ ඇගයීමට ලක්කළ ජනාධිපතිතුමා වෙනත් රටවල ළමා සංවර්ධනය සඳහා කර ඇති පර්යේෂණ අධ්‍යයනය කර, නාගරිකව හා ග්‍රාමීයව එම ක්‍රමවේදයන් ක්‍රියාත්මක කිරීමට ඇති හැකියාව ද එහිදී පෙන්වා දුන්නේය.


අනිවාර්යය කර ඇති පෙර පාසල්, පාසල් හා දහම් පාසල් අධ්‍යාපනයට සියලු දරුවන් යොමු කරවීමත්, ළමුන් පාසල් නො යැවීමට හේතු සොයා ඊට පිළියම් යෙදීමත් ළමා ආරක්ෂක අධිකාරිය සතු ප්‍රධාන වගකීමක් බව ජනාධිපතිතුමා සඳහන් කළේය. සියලු ආගම්වලට අයත් ළමුන් දහම් පාසල් වෙත යොමු කිරීමෙන් ලැබෙන ආධ්‍යාත්මික ගුණ වගාව තුළින් දරුවන් හා දෙමාපියන් අතර සම්බන්ධය ශක්තිමත් කළ හැකි බව ජනාධිපතිතුමා විසින් පෙන්වා දෙනු ලැබිණ.


මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහි වී ඇති දරුවන් ඉන් මුදා ගත යුතු අතර ඊට සමගාමීව ඔවුන් ඒ සඳහා පෙළඹීමට බලපෑ සාධක අධ්‍යයනය කර පිළියම් යෙදීමේ අවශ්‍යතාව ද ජනාධිපතිතුමාගේ අවධානයට ලක් වූ අතර ම සේවා ස්ථාන වශයෙන් ගෙන කාන්තා හිංසනය පිළිබඳව දැනුවත් කිරීම, මව්වරුන් විදේශගත පවුල්වල දරුවන් පිළිබඳ විශේෂ සැලකිල්ලට ලක් කිරීම, හිංසනයට ලක් විය හැකි බවට සැක සහිත පවුල්වල දරුවන් පිළිබඳ පෙර හඳුනාගැනීමේ අවශ්‍යතාව ද එතුමා පෙන්වා දුන්නේය.


“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රකාරව ජාතික ළමා ආරක්ෂක ප්‍රතිපත්තිය එළිදැක්වීමට අවශ්‍ය සියලු කටයුතු නිම වෙමින් පවතින බව කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පැවසීය.


පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේදී පිළිස්සීමට ලක් වී මිය ගිය දැරිය වෙනුවෙන් නිවසක් ඉදිකර දීමට හා පවුලේ ආර්ථික තත්ත්වය නඟා සිටුවීමටත්, සහෝදරියන් දෙදෙනෙකුට ස්වයං රැකියා අවස්ථා උදා කර දීමටත් අවශ්‍ය පියවර ගෙන ඇති බව පියල් නිශාන්ත මහතා සඳහන් කළේය.

noizetv

No comments

Ads Place