Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රජයේ සේවක පඩි ගෙවන්න වසරකට බිලියන 1200ක්… සෙසු සියල්ලටම ඉතිරි බිලියන 200යි..

  ‘පළමුව වසංගතය පාලනය කර ජනතා ජිවිත අරක්‍ෂා කර දෙවනුව වෘත්තීය අයිතිවාසිකම් දිනාගමු’ යයි රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා පැවසීය. නාගර...


 ‘පළමුව වසංගතය පාලනය කර ජනතා ජිවිත අරක්‍ෂා කර දෙවනුව වෘත්තීය අයිතිවාසිකම් දිනාගමු’ යයි රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා පැවසීය.

නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම හා ප‍්‍රජා පවිත‍්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය අචාර්ය නාලක ගොඩහේවා මහතා මෙම අදහස් පළකර සිටියේ, නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ අළුතින් පත්වීම් ලැබූ සේවක සේවිකාවන් සමග පසුගියදා එම අධිකාරියේ දී පැවැති විශේෂ සාකච්ඡුාවකදීය.

එහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා, ‘රාජ්‍ය සේවය දේශපාලන ඇ`ගිලි ගැසීම් නිසා එහි තත්වයත් පහතට වැටි තිබුණා. අද ඒ තත්වය වෙනස් කරමින් යනවා. ඒ අනුව රජය බොහෝම ප‍්‍රජාතන්ත‍්‍රවාදීව වෘත්තීය අයිතිවාසිකම්වලට ගරු කරනවා. වසංගත සමයක පළමුව සෙෘඛ්‍ය නීතිවලට අනුගතවී මේ වසංගතයෙන් ජිවත බේරා ගමු. ඉන් පසු වෘත්තීය අයිතිවාසිකම් දිනා ගමු. අද රාජ්‍ය සේවයේ ගෞරවාන්විත අතිශයින් පිරිසිදු නිලධාරීනුත් ඉන්නවා, දූෂිත නිලධාරිනුත් ඉන්නවා. ඉතාම ආදරයෙන් කැපවීමෙන් තමුන්ගේ සේවය කරන නිලධාරීන් අතර තමන්ගේ වැටුපට සරිලන සේවයක් සපයන්නේ නැති අයත් ඉන්නවා. මේ සම්මිශ‍්‍රණය තුළ අද මේ රැුකියාවට එකතුවන සහ මාත් සමග මෙම අමාත්‍යාංශයේ සියළු දෙනාගෙනුත් මම ඉල්ලා සිටින්නේ අර ගෞරවාන්විත රජ්‍ය සේවකයින්ගේ ගනයට ඇතුළු වන්න කියලා. අපි ඕන කෙනෙකුට ගෞරවාන්විත රාජ්‍ය සේවකයෙක් විය හැකියි. රට වෙනුවෙන් වැඩ කරන රටට ආදරය කරන පුද්ගලයෙක් වන්නට අපි කිසිවෙකුට අමාරුවක් නැහැ. ඒ වෙනුවෙන් අවශ්‍ය වන්නේ හොඳ ආකල්ප පමණයි.

අද ලංකාවේ රජ්‍ය සේවකයෝ ඉන්නවා මිලියන 1.4ට වඩා වැඩියෙන්. තවත් බොහෝ පිරිසක් රාජ්‍ය සේවයෙන් විශ‍්‍රාම ගිය අය. මේ අයට ගෙවන වැටුප් හා විශ‍්‍රාම වැටුප්වල එකතුව වසරකට ටි‍්‍රලියන 1.2 ක් පමණ වෙනවා. 2020 රටේ ආදායම ටි‍්‍රලියන 1.4 යි. ගෙවන මුදල ටි‍්‍රලියන 1.2 යි. ඒ කියන්නේ රජයේ සේවකයින්ට පඩි ගෙව්වහම රජයට ඉතිරි වෙන්නේ බිලියන 200 ක ප‍්‍රමාණයක්. මේ රටේ නිදහස් සෞඛ්‍ය සේවය සපයන්න, නිදහස් අධ්‍යාපනය සපයන්න, ප‍්‍රවාහන සේවා සපයන්න, සියළු දේ කරන්නට ඉතිරි වන්නේ එම සුළු ප‍්‍රමාණය පමණයි. බිලියන 200 කින් ඒ සියලූ දේ සිදු කරන්න බැහැ. සමහරු අහනවා ඇයි ආණ්ඩුව ණය ගන්නේ කියලා. ණය ගන්න සිද්ධ වෙන්නේ ඔන්න ඔය නිසා.

ණය අරගෙන හරි මේ රට දුවන කොට රාජ්‍ය සේවකයාට වගකීමක් තිබෙනවා අර කාරණය තේරුම් ගැනීමට. මොනතරම් විශාල මුදලක් ඔවුන් වෙනුවෙන් වැය කරනවාද කියලා. අපි දන්නවා පෞද්ගලික අංශයේ විශාල ආයතනවල පසුගිය වසර එකහමාර දෙක අතර කාල තුළ වැටුප් අඩු කළා. කිසිම රජයේ සේවකයෙක්ගේ පඩියෙන් සතයක් අඩු කළේ නැහැ. ප‍්‍රතිපාදන කිසිවක් අඩු කළේ නැහැ. අපටත් වගකීමක් තිබෙනවා තේරුම් ගැනීමට රාජ්‍ය සේවකයා ගැන රජය මෙතරම් සැලකිලිමත්ව බලා සිටිද්දදි රාජ්‍ය සේවකයාත් ඒ දේම ආපසු රටට දෙනවාද කියන වගකීම අපට තිබෙනවා. අපේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් අපට වගකීමක් තිබෙනවා. ඒ නිදහස් අධ්‍යාපනයට වැය කළේ මේ රටේ මිනිස්සුන්ගේ මුදල්. ඒ නිසා අපි සියල්ලටම පෙර බලන්නට ඕනේ මම මෙතෙක් ලබපු නිදහස් අධ්‍යාපනයෙන් කොහොමද යමක් ආපහු මගේ රටට දෙන්නේ. මේ ලැබිච්ච දේ වටිනාකම තේරුම් ගන්න. සමස්ථ රාජ්‍ය සේවයට අපේ රටේ තිබෙන පිළිගැනීම හා ගෞරවය වගකීම් විරහිත කිහිපදෙනෙකු නිසා නැතිවෙන්න දෙන්න එපා.

ඒක තමයි ඔබ හැමෝටම තියෙන්න ඕනේ ආකල්පය. ලැබෙන අවස්ථාවෙන් ප‍්‍රයෝජන ගන්න ඕනේ. යමක් ඉගෙන ගන්න, වටපිට ඉන්න අනෙක් අය දිහා බලන්න. මොනවා හරි අමතර අධ්‍යාපනයක් ලබන්න ඉගෙන ගන්න. හැබැයි තමන්ගේ රැුකියාව තමුන්ට හිතට අල්ලන්නේ නැතිනම් කරුණාකරලා වෙන රැුකියාවක් හොයාගෙන යන්න. අසතුටින් හිඳගෙන ඒ රස්සාව නොකර ඉන්න එපා මොකද ඒ රැුකියාවට කරන අසාධාරණයක් එය. මොකද එය කවුරුහරි එම රැුකියාව හොඳට කළ යුතුයි. තමුන් ඒ රැුකියාවට ආස නැතිනම් බැන බැන ඉන්නේ නැතිව වෙන රැුකියාවක් හොයාගෙන යන්න. වෙන රැුකියාවක් හොයාගන්න බැරිනම් තේරුම් ගන්න මේක තමයි මට තිබෙන ලැබීම, මට තිබෙන හැකියාව කියලා කරුණාකරලා ඒ රැකියාව හරියට කරන්න. කිසිම රැුකියාවක් නරක රස්සාවක් හෝ පහත් පෙලේ රැුකියාවක් වෙන්නේ නැහැ යැයි පැවසීය.

lankacnews

No comments

Ads Place