Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඊයේ දිනයේදී කොවිඩ් මරණ 98ක් : දින 05ක් තුලදී මරණ 411ක් වාර්තා වෙයි

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් ඊයේ දිනයේ සිදුවූ තවත් කොවිඩ් ආසාදිත මරණ 98ක් තහවුරු කිරිමත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යා...


සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් ඊයේ දිනයේ සිදුවූ තවත් කොවිඩ් ආසාදිත මරණ 98ක් තහවුරු කිරිමත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 4,919ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. දිනක් තුල මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව මෙය වනවා.


ඊයේ දිනයේදී වාර්තා වූ කොවිඩ් මරණ අතර පිරිමි පුද්ගලයින් 44ක් සහ කාන්තාවන් 54ක් වන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් නිකුත් කළ වාර්තා වේ දක්වෙන්න්.


අවුරුදු 30ට අඩු එක් මරණයක්, අවුරුදු 30 - 59ත් අතර මරණ 27ක් සහ අවුරුදු 60ට වැඩි මරණ 70ක් සිදුව ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා ගේ වාර්තා වේ සඳහන් වන්නේ.


මේ අතර අද දිනයේදී මෙරටින් හඳුනා ගැනුණු සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 2,794ක් බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කර සිටිනවා.


ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 324,223ක් දක්වා ඉහළ ගොස් ඇති අතර සක්‍රිය කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 31,095ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරන්නේ.


මේ අතර අගෝස්තු මාසයේ ගතවූ දින 05ක කාලය තුලදී මෙරටින් කොවිඩ් ආසාදිත මරණ 411ක් වාර්තා වී ඇත.

nethnews

No comments

Ads Place