Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රුපියල් 500 ව්‍යාජ මුදල් නෝට්ටු 602 ක් සමග සැකකරුවන් තුන්දෙනෙකු අත්අඩංගුවට

රුපියල් 500 ව්‍යාජ මුදල් නෝට්ටු 602 ක් සමග සැකකරුවන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්යය බලකායේ බුද්ධි කොට්ඨාශය සමත්ව තිබෙනවා. ...


රුපියල් 500 ව්‍යාජ මුදල් නෝට්ටු 602 ක් සමග සැකකරුවන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්යය බලකායේ බුද්ධි කොට්ඨාශය සමත්ව තිබෙනවා. 


ඒ, සීදූව, ලියනගේමුල්ල සහ වීරගුල, අංගන්පිටිය යන ප්‍රදේශවල සිදුකළ වැටලීම්වලදීයි. 


සංවිධානාත්මකව සිදුකරන ලබන ව්‍යාජ මුදල් නෝට්ටු ජාවාරමක් සම්බන්ධයෙන් ලද බුද්ධි තොරතුරකට අනුව සීදූව ලියනගේමුල්ල ප්‍රදේශයේදී යතුරුපැදියකින් ගමන්ගත් දෙදෙනෙකු පරීක්ෂා කළ අවස්ථාවේදී රුපියල් 500 ව්‍යාජ මුදල් නෝට්ටු 60 ක් සොයා ගත් බවයි පොලිස් විශේෂ කාර්යය බලකාය පැවසුවේ. 


සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ කරගත් තොරතුරු අනුව අනෙක් ව්‍යාජ මුදල් නෝට්ටු තොගය සොයාගෙන තිබෙනවා. 


සැකකරුවන් විසින් ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය සඳහා යොදාගත් පරිගණකයක්, මුද්‍රණ යන්ත්‍රයක් ඇතුළු තවත් උපකරණ කිහිපයක් ද එහිදී සිය භාරයට ගත් බවයි පොලිස් විශේෂ කාර්යය බලකාය පැවසුවේ. 


සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදු කරනවා

nethnews

No comments

Ads Place