Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ආර්ථිකය ගොඩගන්න ප්‍රවාහන අමාත්‍යාංශයෙන් නව සැලැස්මක්

 කොවිඩ් 19 වසංගතය හේතුවෙන් කඩා වැටුණු ආර්ථිකය ගොඩනැංවීම සදහා ප්‍රවාහන සේවා තුලින් නව ආදායම් උත්පාදනය කිරීමේ වැඩ පිළිවෙලක් කඩිනමින් සකසන බව ප...


 කොවිඩ් 19 වසංගතය හේතුවෙන් කඩා වැටුණු ආර්ථිකය ගොඩනැංවීම සදහා ප්‍රවාහන සේවා තුලින් නව ආදායම් උත්පාදනය කිරීමේ වැඩ පිළිවෙලක් කඩිනමින් සකසන බව ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.


මේ යටතේ ආදායම් වැඩි වශයෙන් උත්පාදනය කල හැකි දුම්රිය මාර්ග වන මරදාන සිට අවිස්සාවේල්ල දක්වා කැළණිවැලි දුම්රිය මාර්ගය සංවර්ධනය කිරිම, මරදාන සිට රඹුක්කන දක්වා ප්‍රධාන දුම්රිය මාර්ගය සංවර්ධනය කිරිම, මරදාන සිට කළුතර දක්වා මුහුදුබඩ දුම්රිය මාර්ගය සංවර්ධනය කිරීම, රාගම සිට මීගමුව දක්වා පුත්තලම් දුම්රිය මාර්ගය සංවර්ධනය කිරීමට කටයුතු කරන බව අමාත්‍යවරිය සඳහන් කළාය.


2022 වසරේ ප්‍රවාහන අමාත්‍යාශය සදහා අයවැය තුලින් ප්‍රවාහන සංවර්ධන කටයතු සදහා ප්‍රතිපාදන ලබා ගැනීම වෙනුවෙන් ප්‍රවාහන අමාත්‍යංශයට අනුබද්ධ ආයතනය ප්‍රධානීන් හා අමාත්‍යාංශ නිලධාරීන් සමග ප්‍රවාහන අමාත්‍යාංශයේදි අද(31) පැවති සාකච්ඡාවකදී ඇය මේ බව පැවසුවාය.

lankadeepa

No comments

Ads Place