Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කළුබෝවිල රෝහලේ දිනපතා කොරෝනා මරණ 5-7ක්..

දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ කොරෝනා ආසාදිත රෝගීන් දිනපතා 5-7 අතර ප‍්‍රමාණයක් මිය යන බව එම රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සාගරී කිරිවන්දෙණිය මහත්මිය සඳහන් ...


දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ කොරෝනා ආසාදිත රෝගීන් දිනපතා 5-7 අතර ප‍්‍රමාණයක් මිය යන බව එම රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සාගරී කිරිවන්දෙණිය මහත්මිය සඳහන් කරයි.

රෝහලට ඇතුළත් කරන ලද කොරෝනා ආසාදිතයන් වෛද්‍ය පරීක්ෂණයෙන් පසු නිවෙස් වලට යොමු කිරීමේ වැඩ පිළිවෙලත් පසුගිය සතියේ සිට ක්‍රියාත්මකව පවතින බව ද ඇය පැවසුවාය.

ඇතිව තිබෙන හදිසි තත්ත්වය මත සාමාන්‍ය ශල්‍යකර්ම රෝහලේ නවතා ඇතත් හදිසි ශල්‍යකර්ම දිගටම සිදුකරන බවද ඇය සඳහන් කරයි.

රෝහලට ඇතුළත් කරන කොරෝනා ආසාදිත රෝගීන්ගෙන් 24%කට පමණ ඔක්සිජන් අවශ්‍ය බව ද පැවසූ ඇය රෝහලේ වාට්ටු 34න් වාට්ටු 06ක් කොරෝනා ආසාදිතයන් සඳහා වෙන් කර ඇති බවද කියා සිටියාය.

lankacnews

No comments

Ads Place