Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

30න් පසුවත් ඇදිරි නීතියද.. සෞඛ්‍ය ඇමති හෙලි කරයි..

  දැනට පවතින නිරෝධායන ඇඳිරි නීතිය 30 වනදායින් පසු තවදුරටත් දීර්ඝ වීමක් සිදු නො වනු ඇති බව තම පුද්ගලික අදහස බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැ...

 


දැනට පවතින නිරෝධායන ඇඳිරි නීතිය 30 වනදායින් පසු තවදුරටත් දීර්ඝ වීමක් සිදු නො වනු ඇති බව තම පුද්ගලික අදහස බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කරයි.

රට වසා දමා කොරෝනා වසංගතය පාලනය කිරීමට නොහැකි බව දැන් ලෝකයේ සියලු රටවල් පිළි ගනිමින් සිටින බවද ඔහු පැවසීය.

මෙවර රට වසා දැමීමට සිදුවූයේ පාර්ශව ගණනාවක් ඉල්ලීම සලකා බලමින් බවද ඔහු සඳහන් කළේය.

රට වසා දමා ඉදිරියට යාමට අපහසු බව ලෝකයේ බොහෝ රටවල් අද වන විට ප්‍රකාශ කරමින් ඇති බවත් රට විවෘත කරගෙන කොරෝනා පාලනය කළ යුතු මට්ටමට ලෝකයට ලෝකය පැමිණ ඇති බවත් ඔහු තව දුරටත් පැවසීය.

මේ අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කරන්නේ පවතින නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් දීර්ඝ කිරීම හෝ නොකිරිම සම්බන්ධයෙන් හෙට දිනයේ ප්‍රකාශයට පත් කරන බවයි.

හෙට දිනයේ රැස්වන ජනාධිපති කාර්ය සාධක බලකායේදී පවතින තත්වය සමාලෝචනය කිරීමෙන් පසු සීමා දීර්ඝ කිරීම හෝ නොකිරීම තීරණය කරන බව ද ඔහු කියා සිටියේය.

lankacnews

No comments

Ads Place