Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ගුරු දෙවිවරු Online උගන්වන්න 30%ක පඩි වැඩිවීමක් ඉල්ලති..

  ගුරුවරුන් හා විදුහල්පතිවරුන් ගේ වෘත්තීය සංගම් නියෝජිතයන් හා අධ්‍යාපන අමාත්‍යවරයා අතර ඊයේ දිනයේ අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවති සාකච්ඡා අසාර...

 


ගුරුවරුන් හා විදුහල්පතිවරුන් ගේ වෘත්තීය සංගම් නියෝජිතයන් හා අධ්‍යාපන අමාත්‍යවරයා අතර ඊයේ දිනයේ අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවති සාකච්ඡා අසාර්ථක වී තිබේ.

ඒ හේතුවෙන් ද මාර්ගගත ඉගැන්වීමේ කටයුතු වලින් ඉවත් වීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව ඉදිරියටත් ගෙන යාමට තීරණය කර ඇත.

අදාළ සාකච්ඡාව පැය දෙකක් පමණ පැවති අතර තම ඉල්ලීම්වලට සාර්ථක ප්‍රතිචාරයක් නොදැක්වීම හේතුවෙන් ඔන්ලයින් ඉගැන්වීම ඇතුළු රාජකාරිවලින් ඉවත් වීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ඉදිරියටත් ක්‍රියාත්මක කරන සංගමය නායකයන් කියා සිටිති.

එමෙන්ම හෙට දිනයේ පිටකොටුවේදී උද්ඝෝෂණයක්ද සංවිධානය කර තිබේ.

කෙසේ වෙතත් තම වැටුප සියයට 15 කින් ඉහළ දමන්නේ නම් දැනට ක්‍රියාත්මක වර්ජන ක්‍රියාමාර්ග නවතා දැමීම සම්බන්ධයෙන් සලකා බැලීමට එම වෘත්තිය සමිති තීරණය කර තිබේ.

තමන්න් ගේ ඉල්ලීම 30% ක වැටුප් වැඩිවීමක් වූවද අමාත්‍යවරයා නම්‍යශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ නම් පමණක් ඒ පිළිබඳව සලකා බැලිය හැකි බවද ඔවුන් සඳහන් කරති.

lankacnews

No comments

Ads Place