Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඉන්ධන මිල වැඩි නොකලොත් සලාක ක‍්‍රමයට ඉන්ධන දෙන්න වෙනවා..- වාසු

  පවතින තත්ත්වය මත රජයට වුවමනා වී තිබෙන්නේ ඉන්ධන භාවිතය අඩු කිරීම බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි. ඒ සඳහා පහසුම වෙළෙඳපොළ උපක්‍...

 


පවතින තත්ත්වය මත රජයට වුවමනා වී තිබෙන්නේ ඉන්ධන භාවිතය අඩු කිරීම බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි.

ඒ සඳහා පහසුම වෙළෙඳපොළ උපක්‍රමය වන්නේ මිල වැඩි කිරීම බවත් එමගින් ඉන්ධන භාවිතය පහළ යන බවත් ඇමැතිවරයා පෙන්වා දෙයි.

ඉන්ධන මිල වැඩි නොකරන්නේ නම් ඊට ඇති විකල්ප ක්‍රමයක් වන්නේ සලාක ක්‍රමයට ඉන්ධන නිකුත් කිරීම බවත් පැවසූ ඔහු එමගින්ද තෙල් භාවිත කරන ප්‍රමාණය සීමා කළ හැකි යැයි ද කියා සිටියේය.

ඔහු මේ බව සඳහන් කළේ බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව පාර්ලිමේන්තුවේ දී පැවති විවාදයට ද අදහස් පළ කරමිනි.

lankacnews

No comments

Ads Place